Bombay Velvet | ලංකාවට මිලියන ගණනින් මුදල් පොම්ප කරනා “බොම්බේ වෙල්වට්“ [UPDATE]
250 කටත් අධික කාර්යමණ්ඩලයක් හා සුපිරි බොලිවුඩ් නළුවන් පිරිසක් මේ දිනවල ලංකාවේ හිදිමින් මෙරට ආර්ථිකයට ඩොලර් පොදි පිටින් පොම්ප කරමින් සිටිනවා.මේ විදියට ලංකාවේ රූ ගත කිරීමක් සඳහා ඇවිල්ලා ඉන්නේ අනුරාග් කාශ්‍යපගේ දැවැන්ත සිනමා නිර්මාණයක් වු “බොම්බේ වෙල්වට්“ නිෂ්පාදක කණ්ඩායමයි.මේ චිත්‍රපටයේ ප්‍රධාන තරු යුවළ වන රන්බීර් කපුර් සහ අනුෂ්කා ෂර්මායි ඇතුළු තවත් ප්‍රවීණ බොලිවුඩ් තරු රැසක් මේ වන විට ලංකාවේ හිදිමින් මේ රූ ගත කිරීම සඳහා දායක වෙනවා. රන්බීර් සමඟ කත්‍රිනාද ලංකාවට පැමිණ ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්ථාකර ඇත.
ජුලි මස සිට සැප්තැම්බර් දක්වා සිදුකරන් යන මේ රූ ගත කිරීම් සඳහා යොදා ගනු ලබන්නේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයයි.1950 දශකය හා 70 දශකය තිබු පැරණි බොම්බේ නගරය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානයෙන් අක්කර 4 භූමි භාගයක් වෙන් කර දී තිබෙනවා.මේ වන විට පුරාණ බොම්බේ නගරය නැවත නිර්මාණය කිරීම සඳහා ඔවුනට රුපියල් මිලියන 260 පමණ වැය වී තිබෙනවා.මිලියන ගණනාවක මුදල් කන්දරාවක් වියදම් කරමින් තැණෙන මේ සුපිරි බොලිවුඩ් නිර්මාණ තැනීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇත්තේ මේ කාල සීමාවේදී මෙරට වු වියළි කාලගුණ තත්ත්වයයි.වැඩි දුරටත් ලැබෙන ආරංචි මාර්ග වල හැටියට මේ සමස්ථ නිෂ්පාදක කණ්ඩායම සඳහා ලංකාවෙන් හෝටල් රාත්‍රීන් 11000ක් සපයනු ලබනවා.

පහතින් දැක්වෙන්නේ රන්බීර් – අනුෂ්කා ඇතුළු බොලිවුඩ් නිර්මාණශිල්පීන් පිරිස පසුගියදා කොළඹ සිනමන් ග්‍රේට් හෝටලයේදී පැවති සුහද හමුවේදී Cinema.lk කැමරා කාචයේ සටහන් වූ අයුරුයි.
![MCD_8428 [800x600]](https://cinema.lk/wp-content/uploads/2013/08/MCD_8428-800x600.jpg)
![MCD_8278 [800x600]](https://cinema.lk/wp-content/uploads/2013/08/MCD_8278-800x600.jpg)
Written by Cinema.lk
