ජූලියා ට පස්සේ හැදෙන ජූලි හත

Avatar Cinema.lk A | July 31, 2013 47 Views 0 Likes 0 Ratings

47 Views 0 Ratings Rate it

සංජය නිර්මාල් කියන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයයේ මෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රය තුළද කැපී පෙනෙන නිර්මාණ කිහිපයක්ම සිදු කළ දක්ෂ තරුණ අධ්‍යක්ෂකවරයෙක්.සංජය මෙවර අලුත් චිත්‍රපටියක් කරන්න සුදානම් වෙනවා.සාරංග දිසාසේකර,පුබුදු චතුරංග,අනර්කලී ආකර්ෂා,චරිත් අබේසිංහ හා දමිතා අබේරත්න වැනි ප්‍රවීණ නළු නිළියන් රැසක් යොදා ගනිමින් කරන්න හදන මේ චිත්‍රපටය කොමඩි කැටගරියට අයිති චිත්‍රපටියක් ලු.මේ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ ජූලි හතයි කියලා.

ජූලි හතයි චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ජුලියා චිත්‍රපටය තැනු චරිත් අබේසිංහ විසිනුයි.මේ චිත්‍රපටය ප්‍රහසනය උපදවන වාණිජ චිත්‍රපටයක් ලෙස බිහිවුනත් සංජය කියන විදියට මේ චිත්‍රපටයේ බොරු දැඟලිලි,දෙපිට කැපෙන වචන වැනි ආරෝපණය කරගත් විහිලු,කොහෙත්ම දකින්න ලැබෙන්නේ නෑලු.සංජය නම් එකහෙලාම කියන්නේ ඔහුගේ මේ චිත්‍රපටය කොහෙත්ම ඕලාරික චිත්‍රපටයක් නොවන බවයි.හැබැයි මේ කියන කතා ඇත්ත ද කියලා බලාගන්න,ජූලියා ට පස්සේ හැදෙන ජූලි හතයි නරඹන්න ඔය ගොල්ලන්ට තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා.

Share

47 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.