CSR මාසික සිනමා දැක්මෙන් මෙවර “නිදහසේ පියා DS”
සමාජය හා සාමයික කේන්ද්‍රය (CSR) මාධ්‍ය ඒකකය මගින් මාසික විද්වත් සංවාද මණ්ඩපයක් පැවැත්වෙනවා. සිනමාපට වේදිකා නාට්‍ය වැනි කලා නිර්මාණ පිලිබඳ සංවාදයක් ගොඩනැගීමට එමගින් උත්සාහ කරනවා. එහිම දිගුවක් ලෙස පෙබරවාරි මාසයෙත් මාසික් සිනමා සංවාද මණ්ඩපයක් පැවැත්වීමට ඔවුන් කටයුතු යොදා තිබෙනවා. මෙවර සංවාදය සඳහා තෝරාගෙන තිබෙන්නේ “නිදහසේ පියා DS” චිත්‍රපටය.
අලුතින් හිතන්න වෙනස් වෙනස් මත එකම වේදිකාවක ලෙස ඔවුන් මේ වැඩසටහනට තේමාව යොදාගෙන තිබෙනවා. මෙවර වැඩසටහන් සඳහා සම්පත් දායකයින් ලෙස එවන් වෙනස් මත දරන විද්වත් මණ්ඩලයක් සහභාගී කරවා ගැනීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. ආචාර්ය එඩ්වින් ආරියදාස, ප්‍රියන්ත කොඩිප්පිලි, අජිත් ගලප්පත්ති සහ කුසුම්සිරි විජේවර්ධන මෙවර සංවාද මණ්ඩපයේ අසුන් දැරීමට නියමිතයි. සුපුරුදු පරිදි මෙවරත් නුවන් ජූඩ් ලියනගේ විසින් සංවාදය මෙහෙයවනවා.
පෙබරවාරි මස 23 වැනි සෙනසුරාදා දවල් 1 සිට මෙම වැඩසටහන ආරම්භ වනවා. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් අනතුරුව සංවාදය පැවැත්වෙනවා ඇති. චිත්‍රපටය නරඹා ඒ පිලිබඳ විද්වත් සංවාදයකට එක වීමට කැමති සිනමාලෝලීන්ට 23 වැනිදා මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයට පැමිණෙන ලෙස සංවිධායකයින් ඇරියුම් කරනවා.
Written by Nisanka Weheraduwa

