කෙටි චිත්‍රපට උළෙලේ ජය ලැබුවන්

Avatar Cinema.lk A | February 26, 2014 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

Cinema.lk සහ ADIC ආයතනයන් විසින් එක්ව සංවිධානය කරන ලද Digital Story 5 කෙටි වීඩියෝ තරඟාවලියේ අවසාන මහා තරඟය ඊයේ දිනයේ කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රයේ දී නිමාවට පත්වුනා.දිවයිනේ නන්දෙසින් තරුණ,තරුණියන්ගේ ලැබුණු අතිවිශාල විඩීයෝ පට ප්‍රමාණයක් අතුරින් තෝරා ගැණුනු වීඩියෝ පට 25ක් මේ තරඟය සඳහා සහභාගී වුවා.“ඇල්කොහෝල් ෆන් කියලා හිතාගෙන ඉන්න අය දැක්කම හිනා යන්නෙ ඇයි“ යන තේමාව යටතේ,තත්ත්පර 45කට සීමා වු විඩියෝවන් ජනප්‍රිය හා හොඳම වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ මේ තරඟවලිය තුළදී තරඟ වැදුණා.මීට අමතරව උත්සව අවස්ථාවේ දීම ඡන්ද ලබා දීමක් සිදුකර එම අවස්ථාවේ දීම තවත් ජනප්‍රිය වීඩියෝ පටයක් තෝරා ගැණුනා.

හොඳම වීඩියෝ නිර්මාණය වශයෙන් තේරී පත් වු නිර්මාණය සඳහා සති දෙකක ස්විඩන් සවාරියක් හිමි වු අතර ජනප්‍රිය වීඩියෝව සඳහා වටිනා ලැප්ටොප් පරිඝනකයක් ද සෙසු ජයග්‍රහකයින් සඳහා වටිනා සහතික පත්‍ර හා ත්‍යාගයන් හිමි වුවා

ජයග්‍රාහකයින්

Digital Story 5 නිර්මාණ තරඟයේ හොඳම විඩියෝ පටය – Imtiyaz Inaz

දෙවන ස්ථානය – Chenduran Aravinthan

තෙවන ස්ථානය -Harith Keshara Ranathunge

සිව්වන ස්ථානය – Lakmal Bandara

පස්වන ස්ථානය – Anuruddha Heenatigala

Digital Story 5 තරඟයේ ජනප්‍රියම වීඩියෝ නිර්මාණය – Lalinka Herath

 

Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.