ඩිනක්ෂි C.I.D එකට කැදෙව්වා කියන කතා බොරුලු

Avatar Cinema.lk A | March 28, 2014 127 Views 0 Likes 0 Ratings

127 Views 0 Ratings Rate it

ඩිනක්ෂි ප්‍රියාසාද් කියන්නේ අපට කවදත් ලෙන්ගතු කලාකාරිණියක්.ඕනැම මොහොතක ඇය අප සමඟ ගනුදෙනු කරන්නේ ඉතාමත් සුහදශීලි විදියටයි.ඇය තමන්ගේ ක්ෂේත්‍රය තුළත් හොඳ නමක් දිනා සිටින්නේ ඇය ඇත්තටම වෙනත් නිළියන්ට වඩා නිිරහංකාර චරිතයක් වු නිසාවෙන්මයි.පහුගිය දවස් ටිකේ ඩිනක්ෂි හිටියේ ටිකක් හිතේ කනස්සල්ලෙන්.මොකද ඇය මොනතරම් සුහදශිලිව කා සමඟ කටයුතු කලත් ඇයගේ හොඳහිත නොහඳුනන සමහරක් පිරිසක් ඇය පිළබඳ දූෂමාන ආරංචි පල කරලා තිබුණා.මේ දේවල් ගොඩාක්ම ව්‍යාප්ත වුනේ ගොසිප් වෙබ් අඩවි හරහායි.මේ විදියට ඔවුන් ප්‍රචාරය කරලා තිබුණේ ඩිනක්ෂි රහස් පොලීසියට කැදවා ගෙන ගිහින් බවයි.හිතට එන හැමදෙයක්ම මේ විදියට ගහලා පල කරන මේ ඕපාදුපකාරයන් කියලා තිබුණේ ඩිනක්ෂි උපන් දිනය දවසේ C.I.D යට කැදවාගෙන ගිහින් ඇති බවයි.ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී ඩිනක්ෂි තමන්ගේ පාඩුවේ මේ දේවල් ඉවසා සිටියා.නමුත් මේ කාරණා ගැන දන්න අපේ සහෝදර මාධ්‍යකරුවන් පිරිසක් ඇය සමඟ ඇගේ පැත්තේ සිටියා.මේ ඇය ඔවුන් සමඟ බෙදාගත් අදහස් වලින් කිහිපයක්..

* ඩිනක්‍ෂි ගැන අපිට ආරංචි කිහිපයක්ම ආවා?

ඒ මොනවද?

* ඔයාව සී. අයි. ඩී. එකට කැඳෙව්වා කියලා…?

තව..

* ඔයා උපන් දිනය දවසේ එහෙලු හිටියේ. හරියට උපන් දිනය සමරන්නත් බැරි වුණාලු?

මෙහෙමයි අයියේ, මටත් ඔය ආරංචි ටිකම ආවා. ගොසිප් වෙබ් සයිට් කිහිපයකම මේ දූෂමාන පුවත පළකරලා තිබුණා. මගේ යාළුවො මට කතා කරකර කිව්වා. එක එක වෙබ් සයිට්වල විවිධාකාර විදියටයි ඒක පළවෙලා තියෙන්නේ.

* මට දැනගන්න ලැබුණු විදයට මූල්‍යමය වංචාවක් සම්බන්ධයෙනුයි ඔබව සී. අයි. ඩී. එකට කැඳවලා තියෙන්නේ?

මොන බොරුද අයියේ. බලන්න කොච්චර වැරදිද කියලා. එහෙම දෙයක් සිද්ධ වුණෙත් නැහැ.

* ඒත් ඒවා පළවෙලා තිබුණේ ඔබගේ නම සහ රූපයද ඇතුළත් කරලා. ඒක කියවන අයට හිතන්නම බැහැ ඒ පුවත බොරුවක් කියලා?

අන්න එතන තමයි අයියේ ගැටලුව තියෙන්නේ. මං ගැන දන්න ගොඩක් දෙනෙක් ඒවා දැකලා බයවෙලා තිබුණෙ. මට හිතා ගන්න බැරි ඇයි එහෙම මට මඩ ගහන්නේ කියලා. මං කාටවත් වරදක් කරලා නැහැ. අනික සී. අයි. ඩී. එක කියන්නේ සෙල්ලම් ආයතනයක් නෙවෙයි. ඒ නම් පාවිච්චි කරලා පුවත් පළ කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනා.

1536654_848783631814754_1253413741_n 1622854_848783188481465_320015031_n 1186003_848783065148144_1151072470_n 1743480_602285299858178_576658909_n 1186011_10203470322427534_27745529_n 1524973_10203319988777955_766559045_n 971752_10203319989337969_502639370_n

Share

127 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.