Fathima Shanaz ජාත්‍යන්තර සිනමා උළෙලකට
කෙටි චිත්‍රපට නිර්මාණකාරියක වන Fathima Shanaz ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, ඇය නිර්මාණය කළ Hope කෙටි චිත්‍රපටයත් සමගින්.
Bengal’s International Film Festival පෙබරවාරි 24 වැනිදා ආරම්භ වනවා. එම චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට Hope කෙටි චිත්‍රපටය සමත්ව තිබෙනවා. Fathima Shanaz නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටයේ තිර පිටපත රචනා කලෙත් ඇය විසින්මයි. ඉන්දියාවේ කර්ණාටක්හි බැංගලෝර් නගරයේ මේ සිනමා උළෙල පැවැත්වෙනවා.
මුස්ලිම් ප්‍රජාව තුළ සිදුවන ළමා විවාහය පිලිබඳ ශනාස් මේ කෙටි චිත්‍රපටය හරහා සාකච්චා කොට තිබෙනවා. චිත්‍රපටය සඳහා cinematographer ලෙස විරාජ් ලියනාරච්චි සම්බන්ධවී තිබෙනවා. සංස්කරණය සංඛ මල්වත්තගෙන්. හර්ෂි, වත්සලා, උමා, සහ කලයි මෙහි රංගනයෙන් දායකත්වය දක්වා තිබෙනවා. සංගීතය රුචික ද සිල්වාගෙන්. Hope සමග ජාත්‍යන්තරයට යන Fathima Shanazට cinema.lk වෙතින් සුබ පැතුම්…!
Written by Nisanka Weheraduwa