තහනම් වෙබ් අඩවිය පිළිබඳ වාර්තා චිත්‍රපටයක්

Avatar Cinema.lk | January 23, 2013 43 Views 0 Likes 0 Ratings

43 Views 0 Ratings Rate it

The Pirate Bay වෙබ් අඩවිය බොහෝ දෙනා අතර ප්‍රචලිත ටොරන්ට් වෙබ් අඩවියකි. කෙසේ වෙතත් මේ වෙබ් අඩවිය බුද්ධිමය දේපල උල්ලංඝනය වැනි හේතූන් බොහෝමයක් නිසා බොහෝ දෙනා අතර මත භේදයට බඳුන් වුණු වෙබ් අඩවියක්. ප්‍රකාශණ අයිතිය උල්ලංඝන කිරීම නිසා පමණක් මේ වෙබ් අඩවියේ නිර්මාණකරුවන්ට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල ඩොලර් මිලියන 13කට අධික යි. කෙසේ වෙතත් මෙම වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් පිලිබඳව කියැවෙන වාර්තාමය චිත්‍රපටයක්  නිර්මාණය වූ තිබෙනවා.

“TPB AFK” ලෙස නම් කොට ඇති මේ චිත්‍රපටය බර්ලින් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දි තිරගත කිරීමටයි සූදානම් කොට ඇත්තේ. එ මෙන්ම තිරගත වීම ආරම්භ වන මොහොතේදීම අන්තර්ජාලය වෙත මුදාහැරෙන මෙම චිත්‍රපටය නොමිලයේ ම නැරඹිය හැකිය. නමුත් සාමාන්‍ය පිටපතේ නොමැති දර්ශණ ද තවත් විශේෂ දේ ඇතුලත් පිටපතක් ඇමරිකානු ඩොලර් 10ක් හෝ ඊට වැඩි මුදලක් වැය කොට මිලදී ගැනීමටත් ඔබට අවස්ථාව ඇත.

Directed by Simon Klose
Edited by Per K. Kirkegaard
Sound Design Morten Groth Brandt
Composer Ola Fløttum
Titles by Finsta
Produced by Martin Persson, Simon Klose, Signe Byrge Sørensen, Anne Köhncke

Share

43 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.