ලංකාවේ හැදෙන පළමු 3D චිත්‍රපටය
මෙරට සිනමාවට ආයිමත් වසන්ත කාලයක් උදාවන දින වැඩි ඇතක නොවේ.මීට දශක කිහිපයකට පෙරාතුව අතොරක් නැති වු හිස් ගොඩකින් සිනමාශාලා පිරුණාක් මෙන් නුදුරු දිනක නැවතත් ප්‍රේක්ෂකයින්ගෙන් පිරි ඉතිරි යන සමයක් උදාවෙනු ඇත.මෙසේ කියන්න,දැන් දැන් හැදෙනා චිත්‍රපට ගොන්න හොඳම නිදසුනකි.තාක්ෂණයෙන් අප වෙනත් සිනමාකර්මාන්තයන් හා බලද්දී ඉතාම ප්‍රාථමික යැයි ඇතමෙක් කීවද ඔන්න දැන් ඒ කාරණාවත් බොරුවක් වන පෙරනිමිති අපේ දෑස් මානයේ පෙනෙන්නට පටන් අරන් ඇත.
කාරණාව මේකයි…ලංකාවේ අපේ නිර්මාණ ශිල්පීන් පිරිසක් මෙරට සම්පත් උපයෝගී කරගෙන මෙරට තුළම ත්‍රීමාන චිත්‍රපටයක් හදන්න ලක ලැස්ති වෙනවා.මේ චිත්‍රපටය සම්පුර්ණයෙන්ම පාහේ හැදෙන්නේ අපේ නිර්මාණ කරුවන්ගේ දැනුමෙන් පමණමයි.මේ වැඩේට අතගහලා මෙරට සිනමා ක්ෂ්‍රේත්‍රයෙ දැවැන්ත වෙනසක් කරන්න හදන ඒ නියමුවන් දෙපළ තමයි මහීල් පෙරේරා සහ තිලංක පෙරේරා කියලා කියන්නේ.අවුරුදු දහයක පමණ දීර්ඝ කාලයක් තිස්සේ කළ අධ්‍යනයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ චිත්‍රපටය අපේම සම්පත් වලින් නිම වෙන්නේ.ඔවුන් කියන විදියට මේ චිත්‍රපටය තැනෙන්නේ තනිකරම හොලිවුඩ් සිනමාපටයක් නිර්මාණය වන විදියටමයි.පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග උපයෝගිකර ගනිමින් ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ “ඉන් ටු ද කොමට්” කතාවේ තේමාව යටතේ නිර්මාණය වන මෙම සිනමාසිතුවම “ග්‍රැවිටි“ සිනමාකෘතියේ ආකෘතියට ගොඩනැගේ.
අභ්‍යවකාශය පිළිබද කියවෙන කතාන්දරයක් ඇතුලත් මෙම චිත්‍රපටය තනිකරම පාහේ රූ ගත වෙන්නේ දැවැන්ත දර්ශන තලයන් මැදි කරගෙනයි.
පසුගිය 24 වෙනි දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකින් අනතුරුව මෙම චිත්‍රපටයේ මුලික වැඩ කටයුතු ආරම්භ කෙරුණා.වසරක් තුලදී වැඩ කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වෙන මෙම නිර්මාණයේ තිර රචනය මහීල් පෙරේරා සහ තිලංක පෙරේරා ගෙනි. ආචාර්ය චරිත් ජයතිලක නිෂ්පාදනය කරන මෙහි අධ්‍යක්ෂණය තිලංක පෙරේරා ගෙනි.
Written by Cinema.lk A


