බිල් ගේට්ස් අමීර් හමුවෙන්න ඇවිත්

Avatar Cinema.lk A | June 12, 2013 39 Views 0 Likes 0 Ratings

39 Views 0 Ratings Rate it

අමීර් කාන් කියන්නේ ඉන්දියාවට ලැබුණු මිළ කල නොහැකි අගනා සම්පතක්.ඔහු වෙනත් ජනප්‍රිය නළුවන් මෙන් තම ජනප්‍රියත්වය ආභරණයක් ලෙස සලකා ජීවත් වන අයෙකු නොවේ.ඔහු සරළ ජීවිතයක් ගත කරන,මිනිසුන්ට අසීමිතව ආදරය කරන සොඳුරු මිනිසෙක්.ඔහු තුළ වු මේ සුන්දර ගති ලක්ෂණ නිසා ඉන්දියානුවන් මෙන්ම සෙසු පුද්ගලයන් තුළද අමීර් කෙරේ ඇත්තේ පුදුමාකාර ලෙන්ගතු කමක්.අමීර්ට ආදරය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස අතරේ එක් සුවිශේෂී පුද්ගලයෙකුත් ඉන්නවා.ඔහු තමයි බිල් ගේට්ස්..

මේ සුපිරි ධනවතාට එක දොලදුකක් තිබුණා.ඔහු දැඩි ලෙස අමීර්ව සැබවින් දකින්නට ආශා කළා.ඒ බව ඔහු තම ට්විටර් වෙබ් පිටුවෙහි මෙලෙස සටහන් කර තිබුණා.

“මම බලාපොරොත්තු වෙනවා අමීර් ව මුණ ගැහෙන්න. මට හරිම ආසයි, ඔහුව හමුවෙලා ඔහුගේ ‘සත්‍යමේව ජායතේ’ රූපවාහිනී වැඩසටහන ගැන කතා බහ කරන්න. මේ වැඩ සටහනෙන් ඉන්දියානු ජනතාව මුහුණ දෙන නොයෙකුත් දුෂ්කරතා ගැන කතා කරනවා.

ඒ විතරක් නොමෙයි, අමීර්ගේ නර්තන රංගන හැබැහින් දැක ගන්නත් කැමැතියි. මං හිතනවා, ඒ රැඟුම් බලන් මට වාසනාව ලැබේවිය කියලා. අමීර්, යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරයෙක් හැටියටත් කටයුතු කරනවා. ලෝකයේ ළමා පරපුරේ පෝෂණ අවශ්‍යතා ගැන කටයුතු කිරීමේ වගකීමක් යුනිසෙෆ් සංවිධානයෙන් ඔහුට පවරා තිබෙනවා. මේ ගැනත් කතා බහ කරන්න මම කැමැතියි…”

මෙන්න මේ විදියට තමන්ගේ අදහස් ප්‍රකාශ කළ ගේට්ස් පසුගිය 30 වෙනිදා අමීර්ව මුණ ගැහීමට ඉන්දියාවට පැමිණියා.ඔහු කුමන අරමුණක් ඇතිව ඉන්දියාවට පැමිණියත් ඔහු පැවසු විදියටම එම සංචාරය අතරතුර අමීර් සමඟ වැඩි කාල වේලාවක් ගත කළා.මෙහිදි ඔවුන් දෙදෙනා ඉන්දියාවේ සුප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක ප්‍රශ්ණ විචාරත්මක වැඩසටහනකටද සහභාගී වුවා.

Share

39 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.