මමයි චංගුමියි එක වගේ – ගීතා කුමාරසිංහ

Avatar Cinema.lk A | March 5, 2013 73 Views 0 Likes 0 Ratings

73 Views 0 Ratings Rate it

හෙළ සිනමාවේ වාසනාවන්තිය ලෙස කිරුළු පලන් ඇය තමන් සතු වු ජනප්‍රියත්වය, කීර්තිය, අභිමානය, මිල මුදල් මේ සියල්ල පසෙකලා ජනතා සේවයට කැපවුයේ,කාලයක් තිස්සේ තමන්ට ආදරය කළ රසික ජනතාවට ප්‍රතිඋපකාර කිරීමේ තිර අධිෂ්ඨානයෙනි.මේ දිරිය දියණිය නමින් ගීතා සමන්මලී කුමාරසිංහයි.

කලා ලෝකයේ ඇය ලද ජනප්‍රියත්වයත්,ව්‍යාපාර ලෝකයෙන් ඈ ලද මිල මුදල් බලයත් යොදා ගෙන ඈ අද දවසේ සිය ජීවිතය කැප කර ඇත්තේ ජනතා සේවය වෙනුවෙනි.ඒ ජනතා මෙහෙවර හරහා ඈ වඩාත් උත්සුක වන්නේ අපේ රටේ කාන්තාවන්ගේ ගැටලු, ප්‍රශ්න සඳහා යම් පිළිසරණක් වන්නටය.

මාර්තු 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන ගීතා සුවිශේෂ කාර්යයකට අත ගසා තිබේ.ඇය මාර්තු 08 වැනිදා බෙන්තර දී  ‘ගාමිණී ලිය අබිමන්’ නමින් කාන්තාවන්ට වැඩමුළුවක් පවත්වන්න සුදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇය නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ රුවැති – ගුණැති ළඳුන් වෙනුවෙන් රූපලාවණ්‍ය වැඩමුළුවක් මෙන්ම තවත් විශේෂ වැඩ සටහන් එදින පවත්වන්නත් කටයුතු යොදා තිබෙනවා.කිසිදු දේශපාලනික වාසියක් ලබා ගැනිමේ අපේක්ෂාවෙන් මෙය සිදු නොකරන බවට පැවසු ඇය,ඈ සිදුකරන් යන ක්‍රියාවන් සම්බන්ධයෙන් දැක්වුයේ මෙවන් අදහසක්.

“මට දේශපාලනයෙන් ලබා ගන්න දෙයක් නෑ. අවංකවම නෑ. අනෙක අද ගැහැනියක් දේශපාලනයට යොමු වෙන එක ලොකු අභියෝගයක්. හතර වටෙන්ම පහර දෙනවා. හරියට අර ‘චංගුමී’ට වගේ. මේ පැත්තෙන් කෙනෙක් කුමන්ත්‍රණය කරද්දී තව කට්ටියක් තව උගුලක් අටවනවා. නින්දා, අපහාස කරනවා. හිතපුවත් නැති දේවල් ගොතලා කියනවා. ඒ වගේ දේවල් මේ දේශපාලනයේ තියෙනවා. ඒ සියලු අභියෝගයන්ට මම මුහුණදීමට සූදානම්“

Share

73 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.