හැම්ලට් සිංහලෙන්

Avatar Cinema.lk A | April 26, 2013 267 Views 0 Likes 0 Ratings

267 Views 0 Ratings Rate it

විලියම් ශේක්ෂ්පියර්ගේ කෘති පාදක කරගනිමින් තැණුනු සිනමා නිර්මාන අති විශාල ප්‍රමාණයක් පවති.විවිධ රටවල විවධ භාෂා වලින් නිර්මාණය කර ඇති ඒ චිත්‍රපට ගොන්නට අපේ රටින්ද නිර්මාණයක් බිහි වෙමින් තිබෙනවා.මෙලෙස සිනමා නිර්මාණයක් වශයෙන් තැණෙන්නේ ශේක්ෂ්පියර්ගේ හැම්ලට් කෘතියයි.

ශේක්ෂ්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුණි ගාමිණී ද සිල්වාගේ අධ්‍යක්ෂණයක් වු මේ චිත්‍රපටයට ජීවන් කුමාරතුංග ක්ලෝඩියස් ලෙසත් රෙක්ස් කොඩිප්පිලි පිලොනියස් ලෙසත් වීණා ජයකොඩි ගර්ටිරූඩ් ලෙසත් චරිත මවන මෙහි ශ්‍රී ලංකාවේ ශේක්ෂ්පියර් කේන්ද්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට දායාද කළ සරත් දික්කුඹුර, බුද්ධික අබේරත්න, නිශාන්ත ජයතිලක, විජිත් මැදිවල, ලාලි තිලකරත්න, නයනා කුමාරි, උමයංගනා වික්‍රමසිංහ රඟපෑම සඳහා යෝජිතය

ගායක සංගීත විජේසූරිය රඟමින් මුල්වරට සිනමාවට එක් වන්නේද මේ චිත්‍රපටයෙනි.

නිමල් නාකල්දල කැමරාව මෙහෙය වන අතර සහාය අජිත් තෙල්දෙනියගෙනි.

ප්‍රදීප් ජයතිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද ඩෙස්මන්ඩ් ද සිල්වා සහ නීලා වික්‍රමසිංහ ගායනයෙන් ද, චන්න විජේවර්ධන නැටුම් නිර්මාණයෙන් ද ඉමල් ශානක පීරිස් අංග රචනයෙන් ද හර්ෂනාථ පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්ව සිටිති.

Share

267 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.