රිතික්ගේ දික්කසාද වන්දිය කෝටී සීයයි

Avatar Cinema.lk A | February 28, 2014 88 Views 0 Likes 0 Ratings

88 Views 0 Ratings Rate it

කාලයක්ම යහතින් හිටිය බොලිවුඩ් තාරකා පවුලක් තමයි රෝෂන් පවුල කියන්නේ.සුසෑන් හා රිතික් රෝෂන්ගේ විවාහ ජීවිතය ඇරඹෙන්නේ බොහෝම දුරාතීතයක පටන් ගැණුනු ප්‍රේමවෘතාන්තයක අග්‍රඵලය විදියටයි.මේ දෙන්නා දරු මල්ලොත් හදාගනෙ වසර දහතුනක්ම යහතින් ජීවත්වුනා.ගිය වසරේ අගභාගයේදී සුසෑන් හා රිතික් වෙන් වෙන්න තීරණය කරේ සියලු දෙනා මවිතයට පත් කරමිනි.රිතික් ගැන නම් බොහෝ කාලයක පටන් බොහෝ කටකතා පැවතුනත් සුසෑන් ගැන නම් බොහෝ දෙනා තුළ තිබුණේ ඉතා හොඳ ආකල්පයකි

කයිට්ස් චිත්‍රපටය රූ ගැන්වෙන විට බාබරා මෝරී හා තිබුණු ප්‍රේම හුටපටය මේ දෙන්නා වෙන්වීමට ආසන්නම හේතුව විය හැකි බවටයි බොහෝ දෙනා පවසන්නේ.සමහරුන් රිතික්ගේ පිටට මේ අයුරින් වරද පටවන්න හදද්දී තවත් පිරිසක් සුසෑන් ගැනත් පුදුම කතාවක් කියන්න පටන් අරන්.මොවුන් කියන්නේ මේ සම්බන්ධතාවය බිදවැටීමට සුසෑන්ගේ හා අර්ජුන් රාම්පාල්ගේ මිතුරුකම තදින්ම බලපාන්න ඇතිබවයි.සුසෑන් හා අරජුන්ගේ මේ සම්බන්ධය ගැන දැන් දැන් ඉන්දීය මාධ්‍ය වල වැඩිපුරම කතාබහට ලක්වී තියෙනවා.හැබැයි මේ කාරණාව ගැන නම් සුසැන් කියන්නේ මෙය තමන් ගැන වැරදි ආකල්පයක් ඇති කිරිමට ගෙන යන බොරු කටකතාවක් බවයි.මේ වන විට දරුවන් දෙදෙනා සමඟ තමන්ගේ දෙමව්පියන් සෙවනේ ඉන්න සුසෑන් නුදුරු දිනයක දික්කසාද නඩුවක් පවරා ඉන්දීය රුපියල් කෝටී සීයයක් වන්දි වශයෙන් ඉල්ලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Hrithik-Suzanne 4_1379668019_540x540 2-hrithik-rishan-suzanne-divorce-131213 hrithik_3 Suzanne-and-Hrithik suz1 972_arjun-rampal-and-suzanne-roshan_bolly

Share

88 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.