මුලින්ම ආදරය කරද්දී මට අවුරුදු 19 – ලෝචනා

Avatar Cinema.lk A | September 23, 2013 47 Views 0 Likes 0 Ratings

47 Views 0 Ratings Rate it

ලෝචනාව හුඟ දෙනෙක් දැනගෙන හිටියේ නිවේදිකාවක් විදියට නේ.ඉඳලා හිටලා ටෙලි නාට්‍යයක පෙනී හිටියත් ලෝචනාගේ රඟපෑම් ගැන කතා වෙන්න පටන් ගත්තේ ගිය වසරේ තිරගත වු ප්‍රතිරූ චිත්‍රපටයෙන් පසුවයි.හැම අතකින් හපන්කම්පාන මේ දඟකාරිය හරිම නිහතමානි චරිතයක්.ඇය ගොඩාක් විවෘත කෙනෙක්.මේ ළඟදී දවසක ඇය සිනමා පුවත්පතකට තමන්ගේ ප්‍රථම ප්‍රේමය ගැන සටහනක් දුන්නේ අන්න ඒ කාරණය නිසාවෙන්මයි.ලෝචී පෙර කියු පුවත් පතට ප්‍රථම ආදරය ගැන පවසා සිටියේ මෙන්න මේ විදියටයි.

ඉස්කෝලෙන් අයින් වෙනවාත් එක්කමයි මම ආදරය කළේ. මම හිතන්නේ මට වයස 19 ක් විතර ඇති ඒ වෙනකොට. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක්ගේ පාටියකදියි ඔහු මට මුණ ගැසෙන්නේ. මාව මුලින්ම ඔහු දකින්නේ එතැනදි.ඔහු තමයි මට ආදරෙයි කියලා කිව්වේ. නමුත් පාටියේදී මාව දැක්ක දවසෙදි නෙවෙයි. ගොඩක් කාලයකට පස්සෙයි.

මම එයාගේ මතක සියල්ල අමතක කරලා තිබෙන්නේ. මට එයාගේ හොඳ වැඩ එකක්වත් මතක නෑ. මොකද මම එයාගේ නරක දැක්කනේ.අපි දෙන්නාගේ සම්බන්ධය තියෙද්දි එයා වෙන කෙනෙක් සමඟ සම්බන්ධයක් ආරම්භ කරලා තිබුණා. නමුත් ඔහු එහෙම කරලා තිබුණේ මාව ඔහුට නැති කර ගන්න නෙමෙයි. මට ඒ සම්බන්ධය පිළිබඳ ආරංචි වුණාට පස්සේ මගේ සම්බන්ධය නැවැත්තුවා. මට ඒ වගේ කෙනෙක්ගෙන් වැඩක් නැති නිසා. එයා පස්සේ වැරැද්ද තේරුම් ගත්තත් මම එයාට කැමැති වුණේ නැහැ. එයා කියලා තිබුණා මම කරගත්ත ලොකුම මෝඩකමක් කියලා. දෙන්නත් එක්කම කතා කරලා එකඟත්වයට ඇවිත් අපි වෙන් වුණා.

Share

47 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.