රේස් දෙකේදී ජැකලින් ඇන්ජලීනාගෙන් කොපි කරයි

Avatar Cinema.lk | November 28, 2012 63 Views 0 Likes 0 Ratings

63 Views 0 Ratings Rate it

ශී‍්‍ර ලාංකික රූ රැජිනක වන ජැකලයින් ෆර්නැන්ඬේස්ගේ නවතම බොලිවුඩ් චිත්‍රපටයයි “රේස් 2“ චිත්‍රපටය. මේ චිත්‍රපටයේ ජැකලින් තම පෙනුම සකසාගෙන ඇත්තේ සුපිරි හොලිවුඩි නිළි ඇන්ජලීනා ජොලී අනුකරණය කරමිනි. “සෝල්ට්“ චිත්‍රපටයේ  ඇන්ජලීනා ජොලී පෙනී සිටි ආකාරයට සමාන පෙනුමකින් ඇය රේස් 2 චිත්‍රපටයේ තම පෙනුම සකසා ගෙන ඇත. ‘රේස්-2’ සඳහා ජැකලයින් තම කේශ කලාපය තද කළු වර්ණයෙන් හා කෙලින් සිටින මෝස්තරයකට සකසාගෙන ඇත්තේ ඇය විසින්ම චිත‍්‍රපටයේ නිෂ්පාදකයින්ට සිදුකරන ලද යෝජනාවක් අනුව බව වාර්තා වේ.

මෙම සිනමා පටයේ දී ඇය යතුරුපැදියකින් වේගවත් ධාවනයන්හි යෙදීම, කඩු හරඹය හා තවත් අවදානම් සහිත රංගනයන් හි අතිදක්ෂ අයුරින් රංගනයේ යෙදෙන අයුරු විශ්මිත බවයි බොහෝ දෙනාගේ මතය. මේ චිත්‍රපටයේ රංඟනය අතිශය සාර්ථක ලෙස සිදු කිරීම සඳහා ඇය වියට්නාම ජාතික සටන් ශිල්පියෙකු, කැනඩා ජාතික සරඹ පුහුණු කරුවෙකු හා යෝග ව්‍යායාම පුහුණු කරන්නෙකුගේ සේවය ලබාගෙන ඇත.

ජනවාර මස 15 දින තිරගත වීමටද නියමිත මෙම චිත්‍රපටය අබ්බාස් මුස්තාන්ගේ අධ්‍යක්‍ෂණයක් වන අතර සයිෆ් අලි ඛාන්, ජෝන් ඒබ‍්‍රහම්, දීපිකා පදුකෝන් හා අනිල් කපූර් ද රංගනයෙන් දායකත්වය සපයයි.

රේස් 2 චිත්‍රපටයේ නිල ප්‍රචාරක පටය.

Share

63 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.