මට ගොඩක් සමලිංගික මිතුරන් ඉන්නවා – ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස්
බොලිවුඩ්පුරයේ සිය අණසක පතුරුවන් සිටින ශ්‍රී ලාංකීය රූ රැජින ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් පහුගිය දවසක ඉන්දීයානු වෙබ් අඩවියකට තරමක්,මතභේදාත්මක අකාරයේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හට ඇය පවසා තිබුණේ තමා විවාහ වී හෝ නොවී ළමයෙකු ලැබීමට ආසාවෙන් පසුවන බවයි.දික්කසාදය වැඩිපුර සිදුවන පරිසරයක දැන් ජීවත් වීමට සිදුව ඇති නිසා විවාහ පිළිබද පැහැදිලි ආකල්පයක් ඇය තුළ නැති බවටයි ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.මේ වන විට තමන්ගේ මවත් පියාත් විවාහ වී වසර තිහක් පමණ කාලයක් සතුටින් ජීවත් වන අයුරින් තමාත් ජීවත් වීමට කැමති බවත් විවාහ වී හෝ නොවී ළමයෙකු නම් හදන බවටයි ඇය තරයේ ප්‍රකාශ කර තිබුණේ.කාන්තාවක් කෙරෙහි ඇය තුළ කුමන අයුරකින් හෝ ඇල්මක් ඇතී වි ඇත්ද යන වග ඇගෙන් විමසා සිටිය විට ඇය එකහෙළාම පවසා සිටිවේ දැනටනම් නැත යන්නයි.ප්‍රශ්ණය ඇසු සැනින්ම එවැන්නක් පැවසු ඇය නැවතත් එම ප්‍රශ්ණයට මේ අයුරින්ද පිළිතුරු ලබා දී තිබුණා.
“නමුත් මට ගොඩක් සමලිංගික මිතුරන් ඉන්නවා. මම මුළු හදින්ම LGBT (lesbian, gay, bisexual, and transgender) සමාජයට සහය දෙනවා. එය නව්‍යකරණය වෙනුවෙන් පෙනිසිටින්නක්. ඒක විවෘත මනසකින් බැලීමේ හා නිදහසේ ලස්සන සලකුණක්.“
Written by Cinema.lk A








