[VIDEO] රන්බීර් හා කත්‍රීනා ලංකාවේ
කාලෙන් කාලේට අලුත් වන බොලිවුඩ් ආදර පලහිලව් අතර මේ දවස්වල ඇහෙන අලුත් නම් දෙක තමයි රන්බීර් – කත්‍රීනා.මොවුන් දෙදෙනා අතර වු හොර ගමන් කිහිපයක් නිසා ඉන්දීය මාධ්‍ය වෙනදාටත් වඩා වැඩියෙන් මොවුන් දෙදෙනා ගැන ඇහ ගහගෙන හිටියා.ඉන්දීයාවෙන් ඇසෙන අලුත්ම ආරංචි වල හැටියට මේ දෙදෙනා මේ දවස් වල ඉන්නේ ශ්‍රී ලංකාවේ ලු.රන්බීර් මේ විදියට ලංකාවට ඇවිත් තියෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක අනුරාග් කාශ්‍යපගේ “බොම්බේ වෙල්වට්“ චිත්‍රපටයේ රූ ගත කිරීමක් සඳහායි.ඒත් කත්‍රීනා නම් මේ චිත්‍රපටයේ රඟපාන්නේ නෑ.කොහොම උනත් රන්බීර් සමඟ කාලය ගත කරන්න කැටුත් දැන් ලංකාවට ඇවිත් ඉන්නවා.සමහර ඉන්දීය මාධ්‍ය මොවුන් දෙදෙනා ලංකාවේ වෙරළ තීරයක විවේක සුවයෙන් සිටින ඡායාරූප පවා පළකරලා තියෙනවා.මීට පෙර අවස්ථාවක දී මොවුන් දෙදෙනා ස්පාඤ්ඤයේ දීත්,මෙන්න මේ වගේ එකට ඉන්න ඡායාරූප කිහිපයක් මාධ්‍ය මඟින් පලකර තිබුණා
Written by Cinema.lk A






