අක්කගෙන් පස්සේ නංගිට උදව් කරන්න යන සල්මාන්
කත්රිනා කායිෆ් මේ වෙන කොට ඉන්නේ බොලිවුඩ් වල ඉහළම තලයක.ඉන්දියානු ආරක් ,කැට්ට ගැවිලා තිබුණට ඇයට තවමත් හින්දි භාෂාවවත් හරි හැටි කතා කරගන්න බැ.අතීශය තරඟකාරී බොලිවුඩයේ පිටින් ආපු කිරිල්ලියකට රජකම ගන්න අනිති කිරිල්ලියෝ කොහොත්ම ඉඩ දෙන්නේ නැ.ඒත් නිරුපිකාවක් විදියට බොලිවුඩයට පය තිබ්බ කැට් අද ඒ තැනට ඇවිත් තියෙනවා.හැබැයි මේ ගමන එන කොට ඇයට ගොඩාත් උදව් කරේ අපේ සාලු බායි.එහෙම නැත්නම් සල්මාන් කාන්…සල්මාන්ගේ තරු ප්රතිරුපය නිසාත්,කැට් සල්මාන්ගේ කොක්ක වු නිසාත් කැට් පහසුවෙන් ඒ ගමන ආවා.අන්තිමේදී සාලුගේ ආදරයටත් පයින් ගහලා කත්රීනා දැන් රන්බීර්ගේ කරෙත් එල්ලුනා
මේ සිද්ධිය සාලුගේ හදවත පැරුවත් සාලු එ් පාර කැට්ගේ නංගීටත් උදව් කරන්න ලැස්තිවෙලා ඉන්නවලු.ඇයගේ නංගීගේ නම ඉසෙබලා කායිෆ්.ඇයත් චුට්ටක් විතර කත්රීනා වගේ.විසි අට හැවිරිදි ඉසෙබලා වයස අවුරුදු දාහතරේ සිටම මෝස්තර නිරූපණයෙහි යෙදෙන්නීය. ඇයගේ කුලුඳුල් රංගනය ඇතුළත් වන්නේ කැනේඩියානු අධ්යක්ෂ ජීන් ෆ්රැන්කොයිස් පෝලියට්ස්ගේ ‘ඩොක්ටර් කැබී’ සිනමා පටයටයි. එහි සම නිෂ්පාදනය සල්මන් ඛාන්ගේයි.ඇත්තටම සාලුගේ වැඩ මාරයි නේ…සමහරු නම් කියන්නේ මේ සාලුගේ පුරුද්ද කියලා.මොකද මේ දවස් වල අපේ ජැකී අක්කටත් සාලු නේ අත දීලා තියෙන්නේ
Written by Cinema.lk A













