රන්බීර් හා කත්‍රීනා ලංකාවේ දී හොර රහසේම විවාහ වෙලා
රන්බීර් හා කත්‍රීනා කියන්නේ පහුගිය වසරේ හා මේ වසරේ මේ වන විට වැඩිම පුවත් මැවු යුවලයි.රන්බීර් හා කත්‍රීනා පෙම්වතුන් යැයි මුළු මහත් ඉන්දියානු මාධ්‍යවේදීයෝ හැඳින්වූවත් කත්‍රීනා නම් කිසි වෙලාවක මේ සම්බන්ධය පිලිගත්තේ නැ.ඉන්දියාවේ ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනක් වු “කොෆී විත් කරන්“ වැඩසටහනට ආපු රන්බීර්ගේ නෑණන්ඩිය වු කරීනා කපුර් ප්‍රසිද්ධ මාධ්‍යයක කත්‍රීනා තමන්ගේ නැණා ලෙස පිලිගැනීමත් සමඟ මාධ්‍ය රන්බීර් හා කත්‍රීනාගේ පිටුපස වැඩිපුර හඹන්න පටන්ගත්තා.හැබැයි කවුරුකොහොම කිව්වත් මාධ්‍යන්ට මෙ දෙන්නාගේ සම්බන්ධය ගැන හරි තොරතුරක් දැන ගන්න ලැබුනේ නම් නැ.ඒත් කත්‍රීනාගේ නැඟණිය මේ දෙන්නාගේ සම්බන්ධය ගැන නිශ්චිත තොරතුරක් තමන්ගේ ට්විටර් ගිණුමේ පළකරලා තිබුණා.
ඇයගේ පළකරලා තියෙන අදහස් වලට අනුව රන්බීර් හා කත්‍රීනා ලංකාවේ හිටපු කාල සීමාවේ විවාහ ගිවිසගෙන තියෙනවා.ඔවුන් දෙදෙනා “බොම්බේ වෙල්වට්“ රූ ගත කිරීම් කරපු කාලසීමාවේ සිටියේ මෙරටයි.ඒ කාල සීමාව තුළ විවිධ මාධ්‍ය මොවුන් දෙදෙනා ගැන හොයන්න හැදුවත් ඒ කිසිවත් සාර්ථක වුනේ නැ.ඒත් දැන් කත්‍රීනාගේ සහෝදරිය පලකරපු මේ අදහස් නිසා “බොලිවුඩ් මන්ත්‍රා“ වැනි වෙබ් අඩවි නම් පවසන්නේ මොවුන් නියත වශයෙන් විවාහ ගිවිසගෙන ඇති බවයි.මොවුන් මේ අාකරයට පැවසුවත් මාධ්‍යයන් මෝඩයන් කරන්න කරපු උප්පරවැට්ටියක් විය හැකි බවට ද යම් යම් අදහස් මතු වී තියෙනවා.කොහොම උනත් මේ දෙවල් වල ඇත්ත නැත්ත ඉක්මනටම දැනගන්න ලැබේවී.එතකන් අපි බලන් ඉමු නේද?
මේ තියෙන්නේ කත්‍රීනාගේ නැඟණිය පළ කල අදහස
“Congratulation Katrina darling……wish u and Ranbir a happy life ahead. Sooo sorry couldn’t make it to Sri Lanka (sic),” she posted, followed by another tweet, “Love u Katrina, miss uuu so muchhh (xoxo)(sic).”
Written by Cinema.lk A






