Lady Bird අති සාර්ථක ලෙස තිරගත වෙයි
හොලිවුඩ් පුරය දවසින් දවස අලුත් සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයින්ට ලබාදෙනවා. විවිධ තේමාවන්ට අයත් විවිධ වර්ගයේ සිනමාපට මේ අතර හඳුනා ගන්න හැකියාව තිබෙනවා. ඒ නිසාම හොලිවුඩ් සිනමාව නරඹන ඒ සමග බැඳෙන ප්‍රේක්ෂක පිරිසත් වැඩියි. ලෝකය පුරාම මේ සිනමාපට ජනප්‍රිය වන්නේත් ඒ නිසාමයි. මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන නවතම සිනමා නිර්මාණයක් ගැන තොරතුරුයි මේ.
විනෝදාත්මක නාට්‍යමය කියන කාණ්ඩ දෙකටම අයත් නවතම බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලෙස Lady Bird චිත්‍රපටය හඳුන්වන්න හැකියාව තිබෙනවා. Greta Grewing විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය විනාඩි 93ක ධාවන කාලයකින් යුක්තයි. 2017 වසරේ Telluride International Film Festival හිදී මේ සිනමාපටය පළමු දර්ශන වාරය පැවැත්වුවා. ඇමරිකානු ඩොලර් මිලියන 10ක පිරිවැයක් මේ සිනමාපටය සඳහා වැයවී ඇති බව පැවසෙනවා. Saoirse Ronan, Laurie Metcal, Tracy Letts, Lucas Hedges, Timothée Chalamet, Beanie Feldstein, Stephen McKinley Henderson, Lois Smith ඇතුළු ශිල්පින් පිරිසක් මේ සිනමාපටයට රංගනයෙන් දායක වුනා.
Written by Nisanka Weheraduwa
