“රැයක් හෝ පැයක්” සමඟින් ලාල් වීරසිංහ යළි සිනමාවට

Avatar Kavinu Weerakkody | November 3, 2025 8 Views 0 Likes 0 Ratings

8 Views 0 Ratings Rate it

ලාල් වීරසිංහ කලකට පෙර සිනමාවේ නිතරම දක්නට ලැබුනු ජනප්‍රිය සිනමා තාරකාවක්. විශේෂයෙන්ම ඔහු ජනප්‍රිය වුනේ සටන් ජවනිකා පිරුනු ක්‍රියාදාම චිත්‍රපට සමඟයි. කාලයක නිහැඬියාවකින් පසුව දැන් නැවතත් ලාල් වීරසිංහ සිනමාවට එකතු වී තිබෙනවා.

ඒ ඔහුගේ අලුත්ම සිනමාපටය වන රැයක් හෝ පැයක් සමඟයි..!

රැයක් හෝ පැයක් සිනමාපටයේ ප්‍රධාන චරිතය ලාල් වීරසිංහ විසින් රඟපාන අතර නොෂින් ද සිල්වා, චන්න පෙරේරා,  දිලුක්ෂි වීරපෙරුම, රජිත හිරාන් ඇතුලු තවත් නලු නිලියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ද ලාල් වීරසිංහ විසින්මයි.

රැයක් හෝ පැයක් චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක පටයට >>>>>

ප්‍රේමය හමුවේ නොවෙනස් වූ පිරිමියෙකුගේ ජීවිතයක ආදරණීය පරිච්ඡේදයක් වටා ගෙතෙන රැයක් හෝ පැයක් සිනමාපටය දිවයින පුරා සිනමා හල් රැසකදී දැන් සාර්ථකව තිරගත වනවා.

මෙය ඉන්දු – ලංකා හවුල් නිෂ්පාදනයක් වන අතර නුදුරේදීම ඉන්දියානු සිනමා හල්වලදීත් මෙය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. රැයක් හෝ පැයක් නිෂ්පාදනය කරන්නේ ධනුෂි ප්‍රේමරත්න විසිනුයි. හර්ෂ උඩකන්ද රේඛීය නිෂ්පාදනයෙන් එක්ව තිබෙනවා.

ලාංකීය ශිල්පීන්ට අමතරව දකුණු ඉන්දියානු ශිල්පීන් බොහෝ දෙනෙකුත් රැයක් හෝ පැයක් චිත්‍රපටයට සම්බන්ධ වී සිටිනවා.

රැයක් හෝ පැයක් දැන් දිවයින පුරා සිනමා ශාලාවලින් ඔබට නැරඹිය හැකියි!!

Share

8 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.