ඇත්තටම මේ ගයන්නේ ඔවුන්මද?
“මනුතාපය“ ඔබ අසා ඇති කතා පුවතක්.පාන් ගෙඩියක් සොරාගත් නිසා සිරගෙට නියම වන ජෝන් වැල් ජෝන්…අවසානයේ සිරගෙරදරින් පැන අවුත් තම ජීවිතය වෙනස් කර ගන්නා ජෝන්…මේ කතා පුවත නොයෙක් මාදිලියෙන් ඔබ නරඹා ඇති බවට කිසිදු සැකයක් නෑ.මේ කතා කරන්න යන්නේ සිනමා පටයක් වශයෙන් තැණුනු “ලේ මිසරාබ්ලේ“ චිත්‍රපටයේ නවතම දිගහැරුම ගැනයි.
2012 වර්ෂයේ දී ටොම් හුපර් විසින් නිර්මාණය කරන ලද මේ චිත්‍රපටය පෙර චිත්‍රපටයන් හැම එකකට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා.මේ චිත්‍රපටය දෙබස් සහිත සංගීතමය චිත්‍රපටියක්.වරක් නැරඹුවොත් තවත් වරක් නරඹන තරමට ඉතා උසස් සංගීත නාද රටාවන්ගෙන් අනුන මේ චිත්‍රපටයේ එක් සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා.මේ චිත්‍රපටයේ රංගනයේ නියුතු Hugh Jackman,Russell Crowe, හා Anne Hathaway වැනි රංගන ශිල්පි වැනි රංගන ශිල්පි ශිල්පිණියන් මේ චිත්‍රපටය තුළදී ඇත්තටම ගායනයෙහි යෙදෙනවා.බලන්න….රූ ගත කීරිම් අතරතුරේදී ඔවුන් එය සිදු කරන අපුරුව…
ඇත්තටම මේ ගයන්නේ ඔවුන්මයි…
Written by Cinema.lk A