අබා සහ කොබා

Avatar Cinema.lk A | February 2, 2013 85 Views 0 Likes 0 Ratings

85 Views 0 Ratings Rate it

අබා සහ කොබා නම් පුද්ගලයන් දෙදෙනෙකුගේ අපුරු ක්‍රියාකාරකම් කේන්ද්‍ර කර ගනිමින් විකට චිත්‍රපටයක් තැනීමට ප්‍රකට ගීත රචකයෙක් සුදානම් වනවා.ඔහු නමින් තිස්ස ඩයස්….මේ චිත්‍රපටයට බරපැන දරමින් ඊට දායක වන්නේ “ස්තුතියි නැවත එන්න“ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වු මංගල මඩුගල්ලයි

ජන කලා කේන්ද්‍රයේදී පැවති මුහුරත් උළෙලකින් මුලික වැඩකටයුතු ආරම්භ කරන ලද මේ සිනමා පටයේ අබා ලෙසින් තිස්ස ඩයස් ද කොබා ලෙසින් ජයසේකර අපොන්සුද චරිත නිරුපණය කරනවා.

විමල් කුමාර ද කොස්තා, රොනී ලීච්, රජිත හිරාන් චාමිකර (පිංපොං), මර්සි එදිරිසිංහ, මියුරි සමරසිංහ, චංචලා වර්ණසුරිය, ශ්‍රීලාල් අබේකෝන් (අප්පුවා), මානෙල් වානගුරු, හැරී විමලසේන, ජයරත්න රූපසිංහ, ඥාණාංග ගුණවර්ධන, සුසිලා කූරගම, ප්‍රේමදාස විතානගේ, මංගල මඩුගල්ල, ජීවන් හඳුන්නෙත්ති, බණ්ඩාර මඩුගල්ල, නිමාෂා ද සිල්වා, උපාලි සිල්වා, පූජා පතිරණ, නදීමා නිල්මිණි, කුමාර රණපුර සෙසු චරිත නිරූපණය කරනු ලබති.

මෙය පියුමිකා විජේරත්නගේ විධායක නිෂ්පාදනයකි. ජී. නන්දසේන කැමරාකරණයෙන් එක් වෙයි. කීර්ති රත්නායක සහාය අධ්‍යක්ෂවරයාය. සම්පත් රණසිංහ අංග රචනයෙන් ද, කුමාර ඩී. රාහුබද්ධ කලා අධ්‍යක්ෂණයෙන් ද, බණ්ඩාර මඩුගල්ල නිෂ්පාදන කළමනාකරණයෙන් ද අබා සහ කොබා සඳහා දායක වෙති. ඉන්දුල ඩයස් ස්වර රටා මවයි. ශ්‍රීලාල් අබේකෝන් සමඟ තිස්ස ඩයස් පසුබිම් ගායනා කරති.

Share

85 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.