මාලිනීගේ උපන් දිනය කොළඹින් බැහැර

Avatar Cinema.lk A | May 1, 2013 37 Views 0 Likes 0 Ratings

37 Views 0 Ratings Rate it

දශක පහක් පුරාවට අප සිනමාව ඒකාලෝක කළ හෙළ නිළි රැජන,පාර්ලිමේන්තු මන්ත්‍රිනී,ආචාර්ය මාලිනී ෆොන්සේකා පසුගිය අඟහරුවාදා සිය උපන් දිනය සුවිශේෂී අයුරින් සැමරුවාය. මෙවර ඇය උපන් දිනය සැමරීමට තෝරා ගෙන තිබුණේ කොළඹින් දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශයක් වූ තඹුත්තේගම ප්‍රදේශයයි.

එහි සුවිශේෂිම කරුණ බවට පත්ව තිබුණේ තඹුත්තේගම රැජන හන්දියේ බිමි කොටසක ඉදි කිරීමට නියමිත සිනමා ශාලාවක් සඳහා මුල්ගල තැබීමයි. චිත්‍රපට නිෂ්පාදක කළමනාකරුවෙකු හා රංගන ශිල්පියෙකු වන සමන්ප්‍රිය මාරසිංහගේ සංකල්පයකට අනුව නුදුරු අනාගතයේදී එය ‘රැජන මාලිනී ’නමින් ඉදිවන්නට නියමිතයි. ඒ සඳහා මුල්ගල තැබීම නිළි රැජන මාලිනියගේ උපන් දිනය යෙදී තිබුණු දා හෙළ නිළි රැජන මාලිනී ෆොන්සේකා,ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන,ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

සිනමාවට මහඟු මෙහෙවරක් කළ මාලිනිය,සමාජ සේවයට වූ සේවාව වගකීමක් කර ගනිමින් එදින එම ප්‍රදේශය තුළ සමාජ සද්කාර රැසක් ද එතුමිය අතින් සිදු කෙරිණි. ඒ අතර වකුගඩු රෝගීන් සඳහා වතුර පෙරණ ලබා දීම,ස්වයං රැකියා සඳහා උපකරණ කට්ටල බෙදා දීම සහ අක්ෂි සායනයක් ද පැවැත්විණි.

මේ එම මොහොත ඡායාරූප ශිල්පි ටෙනිසන් එදිරිසිංහ ගේ උපනෙතෙහි ඇඳුණු අයුරුයි.

sarasaviya

malani malani malani malani malani malani malani malani malani

Share

37 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.