මනුසත් දෙරණට කලා ලොවින් ආධාර
දිවයින පුරා වකුගඩු රෝගයට ගොදුරු වූ ඔවුන් වෙනුවෙන් මානුෂීය ආධාර උපකාර ලබා දී ඔවුන් ගේ ජීවිත සුඛී සුවපත්භාවයට පත් කිරීමේ අරමුණින් දෙරණ මාධ්‍ය ජාලය දියත් කරන “මනුසත් දෙරණ” ජාතික ක්‍රියාන්විතයට මේ වන විට දිවයිනේ නන් දෙසින් ආධාර උපකාර ලැබෙමින් පවතිනවා.මෙකී කාර්යය සාර්ථක කර ගැනීම සඳහා රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම රටේ සුප්‍රසිද්ධ කලා කරුවන් රැසක්ම මුදලින් හා තම ශ්‍රමයෙන් සක්‍රියව දායක වු අයුරු මෙහිදි කැපි පෙනෙන්නට වුණා.හුදු පුද්ගලික වාසි පමණක් අරඹයා ඇතැම් පිරිස් කටයුතු කරනා මොහොතක සංවේදී පිරිසක් විදියට ඔවුන් කළා වු මෙහෙය අපි ඉතා කෘතඥපුර්වකව අගය කරමු.
Written by Cinema.lk
