නාර්ගීස් සරාගී වැඩියිලු
බොලිවුඩය නිතර පාහේ අලුත් මුහුණු වලින් හැඩවෙන සොඳුරු තැනක්.නමුත් මේ සුන්දරත්වයේ කිරුළ දිගටම දරා ගනිමින් බොලිවුඩ් පුරවරයේ දීර්ඝ කාලයක් රෑදී ඉන්න වාසනාව හිමිකරගෙන තියෙන්නේ බොහෝම ස්වල්ප දෙනෙක් විතරයි.නාර්ගීස් ෆක්රී කියන්නේ බොලිවුඩයට පැයු අලුත්ම තාරකාව.ඇය බටහිර පන්නයට හැදී වැඩුණු ආසියාතික සම්භවයක් ඇති සුරූපි සුන්දර තරුණියක්.ඇය රඟපෑ රොක් ස්ටාර් චිත්‍රපටය අතීශය ජනප්‍රියත්වයට පත් වීමත් සමඟම හුඟ දෙනෙක් පැවසුවේ ඇය දීර්ඝ කාලයක් මේ ක්ෂේත්‍රයේ රැදී සිටිනු ඇති බවයි.කෙසෙ වෙතත් මේ දිනවල ඇය තරමක් කාර්යබහුල වුවත් ඇයට සැලකිය යුතු ලෙසින් සිනමා පටයන් සඳහා ආරධනා ලැබුනේ නෑ.
අක්ෂේ කුමාර් ගේ “කිලාඩි 786“ චිත්‍රපටය සඳහා ඇයව තෝරා ගෙන සිටියත් එහි අධ්‍යක්ෂකවරයා විසින් අවසන් මොහොතේදී ඇය එම චරිතයෙන් ඉවත් කරනු ලැබුවා.නාර්ගීස්ගේ ඉවත් කිරීම සම්බන්ධව ඔවුන් කියා සිටියේ ඇය ඒ චරිතය සදහා සරාගී වැඩි බවයි.කොහොම උනත් ඇය ගැන මෙසේ පැවසීම ඇය සලකන්නේ තමන්ට කළ ප්‍රශංසාවක් විදියටයි.දිගින් දිගටම හොඳ නිර්මාණ ගිලිහි යාමට නාර්ගිස් හා උදයගේ පෙම් පලහිලව්වද බලපානු ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
Written by Cinema.lk A
