බොලිවුඩයට ආගන්තුක (නො) වු නියුඩ්

Avatar Cinema.lk A | July 10, 2013 490 Views 0 Likes 0 Ratings

490 Views 0 Ratings Rate it

නියුඩිටි කියන කන්සෙප්ට් එක ඉස්සර ඉන්දියානු චිත්‍රපට වල දකින්න ලැබුණේ නැති තරම්.ඔවුන් ලිංගිකත්වයට කොච්චර බය වෙලා ද හිටය කියනවනම් හින්දි පික්චර් වල සිප වැළඳ ගැනීමේ දර්ශනයක් යන විගසම එක්කෝ මහා ගිණි ජාලාවක්,කුරුළු ජෝඩුවක්,ලස්සන මල් යුගලයක් වගේ දේවල් පෙන්නන්න ඔවුන් පුරුදු වෙලා හිටියා.

මේ දේවල් මෙහෙම උනේ මීට අවුරුදු කිහිපයකට ඉහත දී උනත් පෝන් ස්ටාර් කෙනෙක් වු සනී ලියොන්,ප්ලේ මේට් කෙනෙක් වෙච්ච ෂර්ලින් චොප්රා එතකොට පූනම් පාන්ඩේ වගේ අමුතු විධියේ සක්කර වට්ටම් ටිකක් බොලිවුඩය ආක්‍රමණ කරද්දී දැන් ඉන්දියාවත් අමු අමුවෙම කිසිම හිරිකිතයක් නැතිව ලිංගිකත්වය ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා.

ජිසම් 1,ජිසම් 2,මර්ඩර් 1,මර්ඩර් 2හා රාස් වැනි චිත්‍රපට හරහා ඉන්දියානුවන් පැළඳ සිටි වස්ත්‍ර ගලවා දමන්න පටන් ගත්තා.මේ ආකාරයේ කන්ට්‍රවෂල් කොන්සෙප්ට් එකකට තැණුනු,මේ ගොඩට එකතු වන අලුත්ම චිත්‍රපටය තමයි “නශා“.

නශා කියන්නේ පුනම් පාන්ඩේ නම් සරාගිනිය බොලිවුඩයේ කිරුළු පැළදීමට යන ගමනේ පළමු පිම්මයි.මේක මහා අමුතු කතාවක් නෙවෙයි.කෙල්ලට 25යි.කෙල්ල ගොඩාක් සරාගී,කාමුක කෙනෙක්.කොල්ලට 17යි..කොල්ලා ගොඩාක් අහිංසක තරුණයෙක්.ඉතින් ඉතුරු හරිය කියන්න ඕනේ නෑ නේ.මේ චිත්‍රපටය නිපදවලා තියෙන්නේ ජිසම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයායි…අමිත් සක්සේනායි…අමිත් මේ චිත්‍රපටය ගැන ලොකුවට හිතන්න ඉන්නවා.ඔහු මේ දවස් වල පුනම් පාන්ඩේව හොඳට මාකට් කරන්න පටන් අරගෙනයි ඉන්නේ.මේ චිත්‍රපටය මේ මස 26 වන තිරගත කිරීමට නියමිතයි.

Nasha-First-Look-Poster

nasha-poster_13733584910 Poonam-Pandey-New-Hot-Photos-At-Nasha-16-682x1024 Poonam-Pandey-New-Hot-Photos-At-Nasha-19-682x1024 url i.php

Share

490 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.