මට නයනා නැතුව දවසක්වත් ඉන්න බෑ – ගයත්‍රී

Avatar Cinema.lk A | December 4, 2013 1456 Views 0 Likes 1.5 On 2 Ratings

1456 Views 1.5 On 2 Ratings Rate it

ගයත්‍රි ඩයස්,නයනා කුමාරී…මේ දෙන්නම කලා ක්ෂේත්‍රය බබළවන තරු යුගලක්.දෙන්නම රංගනශීල්පීණියන්.දෙන්නම ක්ෂේත්‍රයට ආවේ එකම කාලෙක, දෙන්නම ක්ෂේත්‍රයේ පලපුරුදු කාරිණීයන්,මේ දෙන්නා රුපලාවන්‍යගාරයක හිමිකාරියන්, ඒ වගේම මේ දෙන්නම විවාහකයි….ඒ වගේම මේ දෙන්නා හොඳම හොඳ යාලුවෝ දෙන්නෙක්.මේ දෙන්නගේ යාලුකම් කොච්චර හොඳද කියනවා නම් ඒ යාලුකමට අවුරුදු 18ක් වෙනවලු.මේ අවුරුදු 18ටම මේ දෙන්නා පොඩි හරි හිත් අමනාපකමක්වත් ඇති කරගෙන නෑ.ඇත්තටම මේ දෙන්නා කියන විදියට මේ දෙන්නට දවස ගාණේ මුණ ගැහුණේ නැතත්  එක දවසක්වත් කතා නොකර නම් ඉන්න බෑලු.

ඇත්තටම මේ දෙන්නා බොහොම සහයෝගයෙන් සතුටින් ඒ වගේම හොඳ අවබෝධයකින් යුක්තව ජීවත් වෙන හොඳ මිතුරන් දෙදෙනෙක්.මේ දෙන්නගේ සතුව තියෙන හොඳ අවබෝධය කොච්චරද කියනවනම් ගයත්‍රීගේ කෑම පවා පාලනය කරන්නේ නයනාලු.දෙන්න කොහේ හෝ නිවසින් පිට කෑමකට ගිය විට නයනාට පැවරෙන රාජකාරී අතර ගයත්‍රීගේ කෑම පිඟාන දිහා ඇස් යොමා සිටීම අනිවාර්යය අංගයක් වෙනවාලු.ඒ ගැන ගයත්‍රී කිව්වේ මෙහෙමයි

“ඉස්සර මම කිසිම තෝරා බේරාගැනීමක් නැතිව හැමදේම කනවා. කොහෙද දැන් මෙයා මට කන්න දෙන්නේ නෑනේ… කොහේ හරි කන්න ගියා කියමුකෝ නයනාගේ වැඩේ මගේ පිඟාන දිහා බලනවා. මට රවනවා. නැත්නම් ඔය ඇති… ඔය ඇති කිය කියා කෑගහනවා.. හොරෙන් කාපු දෙයක් මිසක මෙයත් එක්ක හිතේ හැටියට කනවා නම් බොරු“

nayana kumari and gayathri dias nayana kumari and gayathri dias nayana kumari and gayathri dias nayana kumari and gayathri dias1 nayana kumari and gayathri dias nayana kumari and gayathri dias3 nayana kumari and gayathri dias4 nayana kumari and gayathri dias

Share

1456 Views 1.5 On 2 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.