නොනවතින ඓතිහාසික චිත්‍රපට රැල්ල

Avatar Cinema.lk A | August 21, 2013 136 Views 0 Likes 0 Ratings

136 Views 0 Ratings Rate it

ලාංකේය සිනමාවේ මේ දිනවල එක දිගටම පාහේ හැදෙන්නේ ඓතිහාසික කතාන්දරයි.මෙසේ ඓතිහාසික පුවත් සිනමාවට නැඟීම දැන් නොනවතින රැල්ලක් බවට පත් වී ඇති.මේ කැටගරියෙන් දැන් තිරගත වන්නේ සිරි පැරකුම් චිත්‍රපටය වුනත් ඉදිරියේදී සිරි දළඳාගමනය,මහරජ අජාසත්ත,යසෝදරාවත හා අනගාරික ධර්මපාල චරිතය ද රිදී තිරයේ දිගහැරීමට නියමිතයි.

‘ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතානෝ’ යන නමින් දිඟහැරෙන අනගාරික ධර්මපාල තුමන්ගේ ජීවිතය අළලා සැකසුණු ගවේශනාත්මක චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගිය දා ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේදී මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සහ නිර්මාණයට දායක වන කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, ලංකා මහා බෝධි සංගමය වෙනුවෙන් පූජ්‍ය කිරම විමලජෝති නා හිමි නිෂ්පාදනයෙන් දායක වන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, චිත්‍රපට තිර රචක අධ්‍යක්ෂක කලා කීර්ති ශ්‍රී සනත් අබේසේකර ගෙනි.

පාලිත සිල්වා අනගාරික චරිතයට රංගනයෙන් එක්වන මෙහි ධනංජය සිරිවර්ධන, සඳුන් විජේසිරි, රුවංගි රත්නායක ඇතුළු රංගන ශිල්පීන් 500 කට අධික ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙති.

එමෙන්ම බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණයක් වන’යසෝදරා වත’ සිනමාවට නැගීමට සුදානම් වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනුයි. සුනිල් ආරියරත්නයන් විසින් බෞද්ධ සාහිත්‍ය කෘතියක් ඇසුරින් කෙරෙන දෙවන නිර්මාණය මෙය වේ.ඔහු මීට පෙර’කුසදාවත’ ඇසුරින් “කුස පබා” චිත්‍රපටය නිර්මාණය කළ අතර එය මෙරට ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක් විය.

මෙම නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කාර්යය සිදු කෙරෙන්නේ ඊ. ඒ.පී. චිත්‍රපට සමාගම වෙනුවෙන් සෝමා එදිරිසිංහ විසිනි.

 

ඡායාරූප – මාලන් කරුණාරත්න

Share

136 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.