චිත්‍රපට සංස්ථා සභාපතිට එරෙහි වාරණ නියෝගය විසුරුවයි

Avatar Cinema.lk A | February 28, 2013 45 Views 0 Likes 0 Ratings

45 Views 0 Ratings Rate it

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාට එරෙහිව පනවා තිබු වාරණ නියෝගය අද (28) කොළඹ දිසා අධිකරණය විසින් විසුරුවා හැර තිබේ.

චිත්‍රපටයක මුල් දර්ශනවාරය පිටපත් 35ට සීමා කළ යුතු බව පවසමින් චිත්‍රපට සංස්ථා සභාපතිවරයා විසින් නිකුත් කර තිබූ නියෝගයක් අභියෝගයට ලක්කර චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා ඇතුළු චිත්‍රපට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂකවරුන් පිරිසක් නඩුවක් ගොනු කර තිබුණි.

අදාළ නඩුව පසුගිය 8 වැනිදා සලකා බැලූ කොළඹ දිසා අධිකරණය සභාපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් (22) දින දක්වා බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කළේය.

එදින (22) අදාළ නඩුව යළි විභාගයට ගත් අවස්ථවේ චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ වාරණ නියෝගය විසුරුවා හරින ලෙසයි.

එහෙත් දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමට අවශ්‍ය බවට තීරණය කළ අධිකරණය වාරණ නියෝගය විසුරුවා හැරීම සම්බන්ධයෙන් අද (28) වැනිදා තීරණයක් ලබාදෙන තෙක් එම නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව අදාළ නඩුව අද (28) යළි කැඳවු අවස්ථාවේදී එම වාරණ නියෝගය විසුරුවා හැර ඒ පිළිබඳ නඩුව මැයි මස 20 වැනිදිනට කල් දැමීමට කොළඹ දිසා අධිකරණය තීරණය කළ බව අප වාර්තාකරු පැවසීය.

Share

45 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.