අයිෂ්,සුෂි,ප්‍රියංකා හා ලාරා අතරට ෆාරීයා

Avatar Cinema.lk A | February 28, 2013 158 Views 0 Likes 0 Ratings

158 Views 0 Ratings Rate it

ලෝක රූ රැජින තරඟයන්,සුන්දර සුරුපී යුවතියන්ට බොලිවුඩයේ දොරටු විවර කර දෙන්නට පටන් ගත්තේ අද ඊයෙක සිට නොවේ. ඓයිශ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා, සුෂ්මිතා සෙන්, ලාරා දත්තා වැනි සුරුපිනියන් රූ රැජිණන්සේ කිරුළු පළඳා බොලිවුඩයේ ජය කෙහෙළි නැංවු සුන්දර යුවතියන් වේ.එලෙසම මිස් ශ්‍රී ලංකා තරඟයෙන් කිරුළු පැළඳී ජැක්ලීන් වැනි සුන්දර තරුණියන් බොලිවුඩයට ඈඳා ගත්තේද බොලිවුඩයේ රූප රාජිණියන්ට වු අධික ඉල්ලුම නිසාවෙනි.මේ වන විට ඉන්දිය නිර්මාණ කරුවන් තවත් අලුත් රූ රැජිනක් බොලිවුඩ් නිර්මාණයන්ට එකතු කර ගැන්මට මාන බලමින් ඉන්නවා.

ඇය 2010 වසරේ ලෝක මිහිතල රැජන වූ නිකොලි ෆාරියා.ෆාරීයාව ගන්න හදන චිත්‍රපටය නිපදවන්නේ දිව්‍ය කෝස්ලා විසිනුයි.මේ බොලිවුඩ් චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සැපයීමට කැමැත්ත ලබා දුන් ඇය එහි වන ප්‍රධාන චරිත පහ අතුරින් එක් ප්‍රධාන චරිතයක් නිරුපණය කිරීමට නියමිතයි.සුන්දර රූ සපුවකට හිමි කම් කියන ඇයගේ රංගනය කොතරම් දුරකට සාර්ථක  වන්නේදැයි දැකබලා ගැනීමට බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

Nicole Faria in Divya Khosla Kumar's film Nicole Faria in Divya Khosla Kumar's film Nicole Faria in Divya Khosla Kumar's film Nicole Faria in Divya Khosla Kumar's film Nicole Faria in Divya Khosla Kumar's film Nicole Faria in Divya Khosla Kumar's film Nicole Faria in Divya Khosla Kumar's film Nicole Faria in Divya Khosla Kumar's film Miss-Earth-2010-Nicole-Faria-1

Share

158 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.