ONUR නිදහස් සිනමා දැක්ම කොළඹදී
ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය (ONUR) සංවිධාන කරන නිදහස් සිනමා උළෙලක් කොළඹදී පැවැත්වෙනවා. පෙබරවාරි 21 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වීමට සැළසුම් කොට තිබෙනවා. සම්පුර්ණයෙන් නොමිලේ පැවැත්වෙන මෙම චිත්‍රපට දැක්ම සඳහා සහභාගී වීමට සිනමාලෝලී සැමටම හැකියාව තිබෙනවා.
පෙබරවාරි 21 වැනිදා සවස 6.00ට මෙහි පළමු චිත්‍රපටය තිරගත කෙරෙනවා. ඉන්දියානු සිනමාපටයක් වන Ranga De Basanthi එදින තිරගත කිරීමට නියමිතයි. 2006 වසරේ නිෂ්පාදනය කෙරුනු මේ චිත්‍රපටය මිනිත්තු 157ක ධාවන කාලයකින් යුක්තයි.
පෙබරවාරි 22 වැනි සිකුරාදා සවස 6.00ට ඇමරිකානු චිත්‍රපටයක් තිරගත කෙරෙනවා. V for Vandetta නම් වන මේ චිත්‍රපටය 2005 වසරේ නිෂ්පාදනය වුවක්. මිනිත්තු 132ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටය සිනමා උළෙලේ දෙවැනි දිනයේ තිරගත කෙරෙනවා.
23 වැනි සෙනසුරාදා දිනයේ චිත්‍රපට දෙකක් තිරගත කෙරෙනවා. සවස 2.30ට ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ සොල්දාදු උන්නැහේ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. 1981 වසරේ නිපදවුණු මෙය, මිනිත්තු 76ක ධාවන කාලයකින් යුතු කළුසුදු චිත්‍රපටයක්.
23 වැනිදා සවස 6.00ට NO චිත්‍රපටය තිරගත වීමට සැළසුම් කොට තිබෙනවා. OSCAR සම්මාන සඳහාත් නිර්දේශිත නම් අතරට එක්වුනු මේ චිත්‍රපටය 2012 වසරේ නිර්මාණය වූවක්. මිනිත්තු 118ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය උළෙලේ අවසන් චිත්‍රපටය ලෙස තිරගත කෙරෙනවා.
ONUR සිනමා උළෙල තුළ තිරගත කෙරෙන මේ චිත්‍රපට නැරඹීමට පැමිණෙන ලෙස සිනමාලෝලී සැමට ඇරියුම් කර සිටිනවා.
Written by Nisanka Weheraduwa
