OSCAR සම්මාන 12කට නිර්දේශිත අපූරු සිනමාපටය
90 වැනි OSCAR සම්මාන උළෙල අද එනම් මාර්තු 04 වැනිදා හොලිවුඩ්හි පැවැත්වෙනවා. චිත්‍රපට රැසක් ප්‍රධාන ධාරාවේ සම්මාන අතරට නිර්දේශ වී තිබෙනවා. The shape of water චිත්‍රපටය ඉන් විශේෂයි. ඇකඩමි සම්මාන උළෙලේ ඉතිහාසය සමග සසඳා බැලුවද මේ චිත්‍රපටයට හිමිව්වන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ නිර්දේශිත නාම සංඛ්‍යාව නිසයි. මෙවර ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන ධාරාවේ සම්මාන 12ක් සඳහා නිර්දේශිත නාමයන් අතරයට එක්වීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබී තිබෙනවා.
Guillermo Deltoro විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට තිර රචනයෙන් ඔහු සමග Venessa Taylor දායකවී තිබෙනවා. Fantasy drama film කාණ්ඩයට අයත් වන මෙය 74 වැනි වැනිස් අන්තර්ජාතික සිනමා උළෙලේදී Golden Lion සම්මානයට පාත්‍ර වන්නේ වසරේ හොඳම චිත්‍රපටය ලෙසින්. විනාඩි 123ක ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටය සඳහා වයකළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 19.5ක්. මෙවර ඇකඩමි සම්මාන උළෙලේ චිත්‍රපටය 12 වතාවක් නිර්දේශිත නාම අතරට එක්වුනා.
Best Film ලෙස සම්මාන අතරට නිර්දේශ වීමට මේ චිත්‍රපටයට හැකියාව ලැබෙනවා, ඊට අමතරව තවත් සම්මාන 11ක් සඳහා නිර්දේශ වීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. එම නිර්දේෂයන් අතුරින් සම්මාන හිමිකරගන්නේ කවුරින්දයි තවත් ටික වෙලාවකින් දැන ගැනීමට හැකියාව ලැබේවි.
Best Actress – Sally Hawkins
Best Supportive Actor – Richard Jenkins
Best Supportive Actress – Octavia Spencer
Director – Cuillermo Del Toro
Best original screenplay – Vanessa Tayler, Guillermo Deltoro
Best cinematography – Dan Laustsen
Best Editing – Sidney Wolinsky
Sound Editing – Nathhan Robitaille, Nelson Ferreira
Sound Mixing – Glen Gauthier, Christine Cooke, Brad Zoern
Production designing – Paul D. Austerberry, Jefferey A. Melvin, Shane Vienne
Original Score – Alexandre Desplat
Written by Nisanka Weheraduwa