ජංගම දුරකථනයෙන් සුපිරි සිනමා අත්දැකීමක් ලබාගන්නේ මෙහෙමයි

Avatar Cinema.lk | April 23, 2013 40 Views 0 Likes 0 Ratings

40 Views 0 Ratings Rate it

MobileCinema i20 යනු ඔබේ iPhone ජංගම දුරකථනයට හෝ iPad උපකරණයට සම්බන්ධ කළ හැකි කුඩා ප්‍රමාණයේ ප්‍රොජෙක්ටරයකටයි. මෙම වයර් රහිත තුඩා උපකරණය සම්බන්ධ කීරීමෙන් පසු වීඩියෝ පට, චිත්‍රපට, ඡායාරූප වැනි දේ ඔබට අවශ්‍ය තිරයක් මතට ප්‍රක්ෂේපණය කොට නැරඹිය හැකිය. එලෙස ලැබෙන තිරය 125 cm දක්වා විශාල කර ගත හැකි අතර අඳුරේදී වඩා පැහැදිලි දසුන් ලබා දේ. එමෙන්ම කුඩා ජංගම දුරකථනයෙන් පුළුල් තිරයක් මත අන්තර්ජාලය සැරිසරන්නට ඔබට මේ උපරණය නිසා හැකිවනු ඇත. තවද නොමිලයේ ලබා දෙන මෘදුකාංගමය ජංගම දුරකථනය තුල ස්ථාපනය කිරීමෙන් ඔබ කැමරාව හරහා ගන්නා දර්ශණ පවා එවෙලේම තිරයක් මතට ප්‍රක්ෂේපණය කිරීම වැනි තවත් බොහෝ පහසුකම් ලබා ගත හැකිය.

මීට අමතරව මෙහි ඇති බැටරිය හරහා හදිසි අවස්ථාවකදී ජංගමදුරකථනය නැවත ආරෝපණය (recharge) කිරීමටද ඔබට හැකි වේ. මෙම උපකරණය ඔබටද රුපියල් 22000ක් වැනි මුදලකට අන්තර්ජාලය හරහා ඇණවුම් කළ හැක.

සහාය දක්වන උපකරණ: APPLE iPHONE 3G, iPHONE 3GS, iPHONE 4, iPHONE 4S, iPOD TOUCH (3rd 4th Generation).  ALSO COMPATIBLE WITH iPAD (1st 2nd 3rd Generation)

[button link=”http://goo.gl/HJ64q” variation=”moss”]Buy Now[/button]

225117608343510289_42a95c9b201b11

Share

40 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.