කාංචනාට ලැබුණු අපුරු අවුරුදු තැග්ග

Avatar Cinema.lk A | April 23, 2013 312 Views 0 Likes 0 Ratings

312 Views 0 Ratings Rate it

කාංචනා මෙන්ඩිස් කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්.පහුගිය අලුත් අවුරුදු සමයේ ඇය සිටියේ කියා ගන්න බැරි සතුටකින් ලු.ඇය මෙහෙම සතුටින් ඉඳලා තියෙන්නේ මේ අවුරුද්දේ ඇයට ලැබුණු අපුරු අවුරුදු තැග්ග නිසාවෙන්.කාංචනාට ලැබුණු තැග්ග තමයි හරිම හුරතල් දු පැටියෙක්.දෙවැනි වතාවටත් මව් පදවිය ලැබු කාංචනා තමන්ගේ සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තියක් එක්ක මෙවර අවුරුද්ද ජයටම සමරල තියෙනවා.

කාංචනාගේ දුවට දාලා තියෙන නම තමයි කෙයිෂා රයිනි රණවක.අම්මා ගෙනාපු නංගී පැටියා නිසා,කාංචනාගේ ලොකු පුතා සෙනිත ඉන්නෙත් හරිම සතුටෙන් ලු.මව මෙන් තම දියණියද කලා ක්ෂේත්‍රයට යොමු කිරීමට අදහසක් ඇත්දැයි ඇගෙන් විමසා සිටිය විට ඇය පවසා සිටියේ මෙවැන්නක්

“ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය අද පරිහානියට ලක්වෙලා. එවැනි තත්ත්වයකදී නිළියක් විදියට ස්ථාවර වෙන්න බෑ. අවර ගණයේ නිර්මාණවලට දායක වෙලා නිළියක් වෙනවට වඩා හොඳයි වෙනත් වෘත්තියක් කරන එක. දුවගේ කාලය වෙද්දී ටෙලි නාට්‍ය කලාවේ හොඳ පිබිදීමක් ඇතිවෙලා තිබුණොත් එයා නිළියක් වෙනවට මගේ අකැමැත්තක් නෑ… ඒත් මේ වගේ තත්ත්වයකදී නිළියක් වෙනවාට නම් කැමැති නෑ.“

Share

312 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.