[Gossips] පූජා හොරෙන්ම බැඳලාලු
පුජා උමාශංකර් කියන්නේ ලාංකේය සිනමාව වර්ණවත් කරපු රුවත්තියක්.ඇය අපේ සිනමාවට ආව් ඉන්දීය සිනමාවෙන්.භාරතී සිනමාව තුළ පුජාට ප්‍රසිද්ධියක් අත් නොවුවත් අපගේ සිනමා ලෝකය තුළ නම් ඇය නොහදුනනා කෙනෙක් නොමැති තරම්.මේ සොදුරු රුවැත්තිය ඉන්දීය සම්භවයකින් යුක්ත වුනත් ඇයගේ මවගේ උපන් බිම වන්නේ ලංකාව.ඇයට ආදරය කරන රසික,රසිකාවියන් ඇයගේ විවාහය ගැන පුදුම සෙවිල්ලකින් පසුවුණා.ඇය විවාහ වන්නේ කවදාද?විවාහ වන්නේ ඉන්දියාවේ කෙනෙක් සමඟද?ලංකාවේ කෙනෙකු සමඟ ද?මේ වගේ හුඟාක් දේවල් ඇයගෙන් විමසන්න වුණා.නමුත් මේ කිසිම දේකට ඇයගෙන් නම් පිළිතුරක් ලැබුණේ නැ.ඒ කොයි හැටි වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්ථා පසුගිය සතුටු දායක ආරංචියක් වාර්ථා කළා.ඔවුන් පවසන අන්දමට පුජා විවාහ වෙලාලු.ඇය මෙසේ විවාහ වී ඇත්තේ ලාංකාවේ වෙසෙන කෙනෙක් හා සමඟ බවටත් තොරතුරු ලැබී තිබෙනවා.කෙසේ නමුත් මේ ආරංචියේ ඇත්ත නැත්ත සොයායන්න අපි සුදානම්.රැදී සිටින්න අප සමඟ..
[box_alert]කෙසේ වෙතත් පූජාගේ විවාහය පිළිබඳ අප කළ විමසීමකදී ඇයගේ මව විසින් ප්‍රකාශ කර සිටියේ මේ පැතිරයන පුවත් පිළිබඳ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. මේ වන විට ඇය ඉන්දියාවේ රූපගත කිරිම් වල නිරත වෙමින් සිටින බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් පූජාගේ විවාහය පිළිබඳ ඉන්දීය මාධ්‍ය කිහිපයක්ම තොරතුරු පළ කර සිටියත් ඇය මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු අදහසක් පළ කර නොමැත.
[/box_alert]Written by Cinema.lk A
