රිහානාගේ හැලොවින් ඇඳුම
බටහිර සම්ප්‍රදායන්ට අනුව ඔක්තෝම්බර් මාසයේ අවසන් දිනය ඔවුන් වෙන් කරලා තියෙන්නේ හැලොවින් දිනය සමරන්නයි.හැලොවින් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන වෙන්න නැ නේ.ඔන්න ඔය දවසේ තියෙන පාටි වලට එනකොට ඒවාට එන අය එක එක අරුමෝසම් වැඩ කරනවා.කොස්සේ නැඟලා පියාඹන ආච්චිලා,ලේ උරා බොන පිසාචයින්,භුතයින් වගේ ඇදලා ඇවිත් තමයි ගොඩක් කට්ටිය සාජ්ජ දාන්නේ.ඒ විතරක් නෙවෙයි වට්ටක්කා ගෙඩි වලින් එක එක මුහුණු කපලා ඇතුලේ ලාම්පු පත්තු කරලා සරසන්නේත් ඔන්න ඔය දවසට තමයි.
මෙදාට ප්‍රධාන කොට විවිධ අරුමෝසම් ඇඳුම් ආයිත්තම් වලින් සැරසිලා පොඩි ජොලියක් දාන එක තමයි හැමෝම කරන්නේ.සාමාන්‍ය මිනිස්සු මේ වගේ දේවල් කරාට ඔය ලොකු ලොකු උදවියත් මේ වගේ දවස් වලට පොඩි ප්‍රසිද්ධියක් ගන්නත් එක එක වැඩ කරනවා.මේ කතා කරන්නේ එහෙම එකක් ගැනයි.මේ කතාවේ කතා නායිකාව රිහානා..ගායිකාවක්,නිළියක් වෙච්ච රිහානා පහුගිය සිකුරාදා හැලොවින් පාටියකට ගියා.ඇයත් අර හැමෝම කරන විදියට විච්ඡුරණ ඇඳුමක් ඇදලා තමයි මේ වැඩේට ගියේ.ඇය එදා සැරසිලා හිටියේ ළඟදි පෙන්නපු කාටුන් චිත්‍රපටයක් වු TMNT හි නින්ඡා කෙනෙක් විදියටයි.බලන්න කෝ..
Written by Cinema.lk A













