රුසියානු චිත්‍රපට 5 ක් සහ එක් සිංහල චිත්‍රපටියක් – රුසියානු චිත්‍රපට උළෙල අද සිට

Avatar Cinema.lk A | May 28, 2014 68 Views 0 Likes 0 Ratings

68 Views 0 Ratings Rate it

කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන රුසියානු සිනමා උළෙලක්  ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී මැයි 28 – 30 දක්වා පැවැත්වේ.වසර විස්සකට පමණ පසුව පැවැත්වෙන මෙම උළෙලේ සිනමාපට එම දින වලදී ප.ව.3.00ට හා ප.ව. 5.00ට චිත්‍රපට තිරගත වන බවත්, ඇතුල්වීම සම්පූර්ණයෙන් නොමිලේ බවත් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය පවසයි.

රුසියානු චිත්‍රපට 5 ක් සහ එක් සිංහල චිත්‍රපටියක් ප්‍රතිරූ මෙහිදී තිරගත වේ.මෙහි සමාරම්භක උළෙල මැයි 28 දින ප.ව.4.30ට ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වේ.

පසුගිය 22දින මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ඇන්ඩ්‍රි එම් නසාකින් ඉල්ලා සිටියේ විසි වසරකට පසුව පැවැත්වෙන මෙම රුසියානු සිනමා උළෙල නැරඹීමට සැවොම එක්වන ලෙසයි.

එම අවස්ථාවට එක්වුනු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතා පවසා සිටියේ ඉදිරියේදී මෙම සිනමා උළෙල වාර්ෂිකව පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.මෙම අවස්ථාවට ප්‍රතිරූ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල සූරියාරච්චි මහතා ද එක්ව සිටියේය.

 

මෙම රුසියානු සිනමා උළෙලේ දී තිරගත වන චිත්‍රපට මෙසේය.

මැයි 28 – බෙල්කා ඇන්ඩ් ස්ට්‍රෙල්කා ථ මිස්චීවස් ලිට්ල් ෆැමිලි

මැයි 28 – දි එම්ප්‍රස් ඇන්ඩ් ද රොබර්

මැයි 29 – LYUBOV.RU

මැයි 29 – ඩෙස්ටිනි ඔෆ් අ මෑන්

මැයි 30 – ටෝයි සෙලර්

මැයි 30 – ප්‍රතිරූ

Share

68 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.