ෂෙරීල්(අමා)සහ රුවන් ඩිවෝස් වෙයි?

Avatar Cinema.lk A | April 29, 2013 133 Views 0 Likes 0 Ratings

133 Views 0 Ratings Rate it

අන්තර්ජාලය පුරා ඕපා දුප සපයන වෙබ් අඩවි දැන්  වැහි වැහලා.මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් ඈදා ගනිමින් රසවත් පුවත් මවන්නට මොවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.මේ අයුරින් පුවත් මවන මේ ප්‍රෝඩාකාරී වෙබ් අඩවිවල නවතම ගොඳුර වෙලා තියෙන්නනේ ෂෙරීල්(අමා)සහ රුවන්.

ෂෙරිල් කියන්නේ ටෙලි සිතුවම් හරහා මෑත කාලයේ රසික හදවත් වලට සමීප වු ජනප්‍රිය නිළියක්.තමන් ගායනා කළ පළමු ගීතයෙන් සුපිරු තරුවක් වු රුවන් ද ගීත ලෝකයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් ගායකයෙක්.පසුගිය දා මොවුන් දෙපළ විවහා ගිවිස ගත්තේ කාගේත් ආසිරි මැදයි.ඒත් වැඩි කලක් යන්නට මත්තෙන් මේ දෙපළගේ විවාහය දෙදරා ගිය පුවතක් රට පුරා ලැව් ගින්නක් සේ ඇවිලී,පැතිරී යන්න පටන් ගත්තා.‍“ෂෙරිල්-රුවන් වෙන්වෙන්න යනවා“ගොසිප් පුවත් සපයන වෙබ් අඩවි මේ පුවත උණු උණුවේ පළකරමින් එයට දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නා.

අවසානයේ මේ පිළිබඳ ඇත්ත නැත්ත කතා කරන්න මේ දෙන්නට මාධ්‍යය ඉදිරියට පවා එන්න සිදුවුණා.මේ ගැන වැඩි දුරටත් අදහස් දැක්වු ෂෙරිල්,

“මේ කතාව අමූලික බොරුවක්.මේ දවස්වල ඇහෙන රුවන්ගෙ ‘රැවටුණු තරම්’ ගීතය හින්ද අපිට ගොසිප් හොයන අය මඩගහනවා. ඒ ගීතය හින්ද අපි ඩිවෝස් වෙන්න යනවයි කියල ආරංචියක් පැතිරිලා. මේ දවස්වල අහන්න ලැබෙන්නෙම ඩිවෝස් කතන්දර හින්ද ගොසිප් හොයන අයටත් ඕනෑ අපිවත් ඩිවෝස් කරන්නයි. අපි විවාහ ගිවිසගත්තෙ ඩිවෝස් වෙන්න නෙවෙයි.“

Share

133 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.