‘සරිගමපා’ හඬ කැවීම් වැඩ අරඹයි.

Avatar Cinema.lk A | July 6, 2016 95 Views 0 Likes 0 Ratings

95 Views 0 Ratings Rate it

ලෝ පූජිත සිනමා කෘතියක් වන සවුන්ඩ් ඔෆ් මියුසික් ඇසුරෙන් ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරිගමපා සිනමාපටයේ හඬ කැවීම් කටයුතු මේ දිනවලදී සිදු වෙයි. ඒකාධිපතියකු ලෙසින් තමන්ගේ දරු දැරියන් සත් දෙනාව පාලනය කරන නාවික කපිතාන්වරයකුගේ නිවසට දොළොස් වැනි මෙහෙකාරිය වශයෙන් සුරූපී යුවතියක් පැමිණීමත් සමඟ සිදුවන හැල හැප්පිම් ඔස්සේ සරිගමපා නිර්මාණය වී ඇත. එම මෙහෙකාරියගේ චරිතය පූජා උමා ශංකර් විසින් රංගනයේ යෙදෙයි. ආචාර්ය මාලිනී ෆොන්සේකා, අශාන් ඩයස්, ගයනි ගිසන්තිකා, රත්න ලාලනී ජයකොඩි, රම්‍යා වනිගසේකර, සෝමසිරි අලකොලංග, බුද්ධි රන්දෙණිය, දසුන් මධුසංක, ලලිත් ජනකාන්ත ආදීහු මෙහි සෙසු චරිත නිරූපණය කරයි.

විශ්ව බාලසූරිය කැමරා අධ්‍යක්ෂවරයාය.රේණුකා බාලසූරියගේ විධායක නිෂ්පාදනයකි. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අජිත් රාමනායක සංස්කරණයෙන් ද, විදුර අබේධීර අංග රචනයෙන් ද, සමිර මධු කිඳෙල්පිටිය කොණ්ඩා සැකසුමෙන් ද මේ සඳහා එකතු විය. කසුන් මලින්ද පරිඝණකාශ්‍රිත දෘෂ්‍ය ප්‍රයෝග සැකසීම, මෙත්රුවන් විජේසිංහ ඇඳුම් නිර්මාණකරණයෙන් ද දායක විය.

විශාරද නන්දා මාලිනී, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද උරේෂා රවිහාරි, විශාරද ශෂිකා නිසංසලා, විශාරද හර්ෂන දිසානායක මෙහි ගීත ගයා ඇත. සරිගමපා සඳහා ගීත දහතුනක් අන්තර්ගත වේ.

Share

95 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.