සිග්නිස් (SIGNIS) උළෙල සදහා නිර්මාණ භාර ගැනේ.

Avatar Cinema.lk A | June 30, 2016 78 Views 0 Likes 0 Ratings

78 Views 0 Ratings Rate it

සිග්නිස් (SIGNIS) ශ්‍රී ලංකා ආයතනය මඟින් සිනමා සහ  ටෙලිනාට්‍ය නිර්මාණ ශීල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නිස් (SIGNIS) උත්තමාචාර සම්මාන උළෙල 2016 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.

මෙවර සිග්නීස් උත්තමාචාර සම්මාන උළෙලේ දී සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ 2015 වසරේ තිරගත වු චිත්‍රපට සහ එම වසරේ දී විකාශය නිමාකළ කොටස් 100කට නොවැඩි ප්‍රාසාංගික ටෙලිනාට්‍යයන්ය

සිය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට කැමති සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා අයදුම් පත් සිග්නිස් (SIGNIS) ශ්‍රී ලංකා කාර්යාලයෙන් ලබා ගත හැකියි.

වැඩිවිස්තර දුරකතන අංක 2693425 ඇමතීමෙන් හෝ කාර්යාලයට (19,බැල්කම් පෙදෙස,බොරැල්ල, කොළඹ 08 ) පැමිණිමෙන් ලබාගත හැක.

 

Share

78 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.