අන්න ඒ රහස මං අද එළිකරනවා – සනත්
ළගදී ප්‍රදර්ශනය වන වී සීවදාසන් අධ්‍යක්ෂණය කළ සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනය කළ “දෝණි“ වෙනස්ම ආරක්ගත් චිත්‍රපටයක්.සංගීතා,කමල්,සනත් ගුණතිලක ප්‍රදාන චරිත රඟපාන මෙහි “දෝණි“ චරිතය රඟපාන්නේ ෂෙනුලි ධම්සදී එල්ලවාල අවුරුදු 7ක වයස දියණියකි.දරුවෙකු පිළිබඳ කියැවෙන මෙම චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ ආරාධිත රඟපෑම පිළිබඳ බොහෝ දෙනා කතා කරනවා.
“කවුරුත් අහනවා මං සුනිල් ටී ගේ චිත්‍රපටයක පොඩි කොටසක නේද පෙනී ඉන්නේ කියලා.ඒ ඉළඟ චිත්‍රපටය කරන්න ගත්ත බලාපොරොත්තුවෙන් ගත්ත තීරණයක් නේද කියල සමහරු අහනවා.“
සනත් ගුණතිලක ඒ පිළිබඳව කතා කළා.
“සුනිල් ටී ගෙයි,මගෙයි ලොකු හිතවත් කමක් තියෙනවා.ඒ අද අදක ඊයෙක ඉදන් නෙවෙයි.ආරාධිත රංඟනයට මාව තෝරා ගත්තම මම පිටපත කියෙව්වා.මෙය මගේ ජීවිතයටත් සම්බන්ධයි“
ඔහු විස්තර කළේ හැඟීම්බරව
“මං පුංචි කාලේ අපේ අම්මත් එවැනි අත්දැකීමකට මුහුණ දුන්නා.නංගිගෙන් පස්සේ අම්මට තවත් දරුවෙක් ලැබෙන්න රෝහල් ගතකරා.නංගීටයි,මටයි තව නංගී කෙනෙක් ගෙනවයි කියලයි අම්මා රෝහල් ගත වුනේ.පුංචි අපි මඟ බලන් හිටියා ඒයා ගෙදරට කැන්දන් එනකන්.නමුත් එයා ඉපදුන ගමන් එයා නැතිවෙලා.අම්මයි,තාත්තයි රෝහලෙන් ආවේ හරි දුකෙන්,අපිටත් ගොඩාක් දුකයි
අන්න ඒ අත්දැකීම අලුත් වුනා මේ චිත්‍රපටයේ පිටපත කියවද්දී.අන්න ඒ රහස මං අද එළිකරනවා.
මං පොඩි ළමුන්ට ආසයි,ආදරේයි.අනුන්ගේ ළමුන් හුරතල් කරනකොට ඒවා නුරුස්සන ගමන් ඒවාට රබර් ඇහැ දාන අපේම කට්ටියකුත් ඉන්නවා.නැති කතා ඇති කරනවා.මහණ වුනෙත් ජනප්‍රිය වෙන්න කියපු අයත් හිටියා.චිත්‍රපටයකට වුනත් මං හරියට මහණදම් පිරුවා.ඒ කාලේ රැ ටොෆියක්වක් කැවේ නැ.
ජයන්ත ගාල්ලගේ
Written by Cinema.lk A
