රාවණා චිත්‍රපට තුනකින්..

Avatar Cinema.lk A | August 7, 2014 53 Views 0 Likes 0 Ratings

53 Views 0 Ratings Rate it

මෙරට නිර්මාණය වු ඓතිහාසික සිනමාපට ගොන්නට ඔන්න තවත් සිනමාපටයක් එකතුවෙන්නයි යන්නේ.දුටුගැමුණු,පැරකුම්බා,අජාසත්ත,සහ රාජසිංහ වැනි චිත්‍රපට හදපු අපේ නිර්මාණකරුවන්ට හමු නොවුනු රජෙක් නැති තරම්..ඔන්න දැන් රාවණා ගැනත් එකක් කරන්න යනවා.ආරංචියේ හැටියට එකක් නෙවෙයි තුනක්ම කරනවා.හැබැයි මේක සුපිරි වැඩක් වෙවී.මොකද…මේ නිර්මාණයට අතගහලා තියෙන්නේ සංජය නිර්මාල්..ඔහු මේ රටේ ඉන්න දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්.

ඉරා යනුවෙන් නම් කොට ඇති මෙහි පළමුවැන්න ගගන සැරිසරන්නාය.නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ගගන සැරිසරන්නා හි රාවණා රජුගේ චරිතයට පණ පෙවීමට මේ වන විටත් සූදානමින් සිටියි. රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, ජනක කුඹුකගේ, චරිත් අබේසිංහ, නීටා ප්‍රනාන්දු, අනූෂා දමයන්ති, ප්‍රබෝධා සංදීපනී, දුලානි අනුරාධා, සේමිණි ඉද්දමල්ගොඩ, දර්ශන් ධර්මරාජ්, බිමල් ජයකොඩි, බුද්ධික ජයරත්න, උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න, පුබුදු චතුරංග, අරුණි රාජපක්ෂ මෙහි සෙසු ප්‍රධාන චරිත මවනු ලබයි.

කතාව දෙබස් තිර රචනය සංජය නිර්මාල්ගෙනි. ප්‍රසන්න වීරක්කොඩිගේ නිෂ්පාදන සැලැස්මකි. චරිත් අබේසිංහ රේඛීය නිෂ්පාදකවරයා ලෙස කටයුතු කරයි. පරිඝණක සජීකරණය කසුන් මලින්ද සහ සුසන්ත පුෂ්පකුමාරගෙනි. අජන්ත මහන්තආරච්චි සටන් අධ්‍යක්ෂවරයාය. නුවන් තේනුවර සංගීත අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, නිශාන්ත රණසිංහ සහාය අධ්‍යක්ෂණයෙන් ද ගගන සැරිසරන්නා සමඟ එක්ව සිටිති. හේමන්ත බන්ධනගේ නිෂ්පාදන කළමනාකරණයකි.

මෙම චිත්‍රපට මාලාව හි නිෂ්පාදනය ආර්. සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්ගෙනි.

Share

53 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.