Cameron Diaz හා Jason Segel ගේ සෙක්ස් ටේප් එක

Avatar Cinema.lk A | April 1, 2014 719 Views 0 Likes 0 Ratings

719 Views 0 Ratings Rate it

2011 වසරේ තිරගත වුනු  R-rated comedy සිනමාපටයක් වු Bad Teacher හි අධ්‍යක්ෂක Jake Kasdan ගේ නවමු සිනමාපටයේ පුර්වප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.මේ චිත්‍රපටයත් R-rated comedy එකක්.පෙර චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවපු Cameron Diaz හා Jason Segel යන දෙපලම ප්‍රධාන චරිත මවන මේ සිනමාසිතුවම නම් කරලා තියෙන්නේ “Sex Tape“ යන නමින්.

මේ චිත්‍රපටය කතාව ගලා යන්නේ මෙන්න මෙහෙමයි.ඇනි හා ජේ කියන්නේ විවාහක යුවළක්.මොවුන් දෙදෙනා පෙම්වතුන් වු මුල් කාලයේ හා අඹුසැමියන් බවට පත් වු මුල් කාලයේ ජීවිතය ඉතා විනෝදයෙන් ගතකරත් කල් යත්ම ඔවුන්ගේ ජීවිත එකාකාරි වෙනවා.මේ ඒකාකාරි බවෙන් මිදෙන්න ඇනි ජේට අපුරු යෝජනාවක් ගේනවා.ඇනී ජේට කියනවා ඔවුන් අඹුසැමියන් මෙන් හැසිරෙන අයුරු රූගත කරමු කියලා.ජේත් ඇනී ගේ මේ යෝජනායට කැමතිවෙලා මේ වැඩේ කරනවා.නමුත් අවාසානවට ඔවුන්ට වැඩේ වරදිනවා.ඔවුන්ගේ මේ වීඩියෝ පටය  සිදුවු අත්වැරැද්දක් නිසා එකිනෙකා අතරේ ව්‍යාප්ත වෙනවා.මේ වීඩියෝව ව්‍යාප්තවෙන එක මොවුන් දෙදෙනා වළක්වන හැටියි තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.මේ සිනමාපටය මේ වසරේ ජූලී 25 වන දා පටන් ලොවපුරා තිරගත වීම ආරම්භවෙනු ඇති.

Sex_Tape_13945633675484 Jay (Jason Segel) and Annie (Cameron Diaz) in Columbia Pictures' SEX TAPE. Sex_Tape_13953476635920

 

Share

719 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.