අන්තවාදය නිසා පීඩා විදින කලාකරුවෝ
අන්තවාදය හා කලාව නිරන්තරයෙන්ම ගැටෙන කාරණාවන් දෙකකි.අන්වාදි මත දරන්නන්ගේ ක්‍රියා කලාපය නිසා අහිමි වී කලා නිර්මාණයන් බොහෝ ගණනාවක් ඇති සේම මේ තත්වයන් උඩ පීඩා විඳින කලාකරුවන් රැසක් අප අතර ජීවත් වනවා.මේ ආකාරයේ සිදු වීම් අතීතයේ සිට පැවතුන ද වර්තමානයේ අන්තවාදී මත දරනන්ගේ අලුත්ම ගොදුර බවට පත්ව ඉන්නේ සුපිරි ඉන්දීය නළුවන් දෙපලක්..ඒ ෂාරුක් කාන් හා කමල් හසන්..
අධික පිරිවැයක් කරමින් කමල් හසන් නිපදවු “විශ්ව රූපම්“නමැති ක්‍රියාදාම චිත්‍රපටය මුස්ලිම් අන්තවාදින්ගේ දැඩි විරෝධය නිසා තමිල්නාඩු රජය විසින් එම චිත්‍රපටයට තාවකාලික වාරණයක් පනවා තිබෙනවා.දිගින් දිගටම මේ අයුරින් තමන්ට එල්ල වන හිංසා පීඩා නිසාවෙන් කමල්හසන් තම මව්බිම අතහැර විදෙස්ගත වීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.එලෙසම තමන් කාන් වරයෙකු හා මුස්ලිම් ජාතිකයෙකු වීම නිසාවෙන් අන් අයගේ නින්දා අපහාස වලට ලක් වී ඇති බවට පවසමින් සුපිරි නළු ෂාරුක් කාන් OUT – LOOK සඟරවාට පල කල ලිපිය ඉන්දියාව තුළ මහත් කලබැගැනියක් ඇති කරා.දැඩි හින්දු මත ධාරින් පිරිසක් ෂාරුක්ට විරුද්ධව පෙල ගැසි උද්ගෝෂණ දියත් කර අතර මේ තත්වය උඩ ෂාරුක්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු රැසක් ද උද්ගත වී තිබෙනවා.
මේ ආකරයෙන් අන්තවාදින්ගේ හිරිහැර නිසා ඉමහත් පීඩා විදින කලා කරුවන් අතරට සල්මාන් රුෂ්ඩිගේ නමත් ඇතුලත් කරන්න පුලුවන්.ඔහු 1988 වර්ෂයේ දී පල කල “සැටනික් වර්සස්“නමැති කෘතිය තවමත් ඉන්දියාව තුළ වාරණයට ලක් වුවක්.එලෙසම ඔහු විසින් රචිත “මිඩ් නයිට් චිල්ර්න්“ නම් කෘතිය ඇසුරෙන් නිර්මාණ වු එම චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සදහා ඉන්දීය සංචාරය ද හදිසියේ අවලංගු කරනුයේ මුස්ලිම් අන්වාදින් යම් යම් ක්‍රියා වල ප්‍රතිඵලයක් වශයෙනි
Written by Cinema.lk A







