ළඟදීම මනාලියක් වන ශේෂාද්‍රී

Avatar Cinema.lk A | December 5, 2013 108 Views 0 Likes 0 Ratings

108 Views 0 Ratings Rate it

රිදී තීරයේ දඟකාර රුවැත්තිය..ශේෂාද්‍රී ගැන උණුසුම් පුවතක් කියන්න තමයි මේ ලැස්ති වෙන්නේ.පහුගිය දවස් ටිකේම ශේෂාද්‍රීගේ ප්‍රේම පළහිලව්ව ගැන නොයෙකුත් කට කතා ඇහෙන්න ගත්තා,ශේෂාද්‍රි පෙම්වතියක් කියලා.ඒක ඇත්තක්..ශේෂාද්‍රී මේ වන විට පෙම්වතියක්.ඒ විතරක් නෙවෙයි ඇය නුදුරේදීම පතිකුලයට යාමට ද නියමිතයි.මේ රුවැත්තියගේ හිත දිනාගත්තු ඒ වාසනාවන්තයාගේ නම සම්පත් ද සිල්වා.ආරංචියේ හැටියම මේ ආදරවන්තයා මාධ්‍යට සම්බන්ධ මෙරට සිටින ඉහළ නිලයක් දරණා පුද්ගලයකුගේ පුතෙක්.ළඟදීම මෙ දෙන්නා ඒ දෙන්නාගේ විවාහය තිබෙන දින ප්‍රසිද්ධ කරන්න සුදානමින් ඉන්නවා.

මේ ගැන වැඩිදුරටත් වීමසීමේ දී ඇගේ පියාණන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද් මහතා පළකර සිටියේ මෙවන් අදහසක්.

“මේක බොහොම චාමෙට සිද්ධවෙන වැඩක්. අනික අඬබෙර ගහලා ලොකුවට පින්තූරදාලා දැන්මම කියන්න වුවමනා නැහැ අපට.එහෙම මහ ඉහළින් මඟුල් කරන්න ගිය අයට වෙච්ච දේවල් අපි ඇස්දෙකට දැක්කනේ.ළඟදීම අපි මේ මංගල්‍යය ගැන ප්‍රසිද්ධියට පත්කරනවා.මේ වන විට සතරදිගින් ශේෂාද්‍රිට සුබපැතුම් ගලාගෙන එනවා. එතකොට තමයි දැනේනනේ දුවගෙ වටා කොච්චර රසික රසිකාවන් ඉන්නවද කියන එක“

1469874_3640272222246_590749960_n 1382078_3477728918765_753589203_n 221673_2913159924893_1907846276_n 538364_2054824947055_148069517_n

Share

108 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.