SIGNIS සිනමා සම්මාන උළෙලේ නිර්දේශිත නාම

Avatar Cinema.lk A | December 4, 2013 70 Views 0 Likes 0 Ratings

70 Views 0 Ratings Rate it

සීග්නීස් කියන්නේ මෙරට සිනමා වංශකතාව තුළ මහඟු මෙහෙවරක් ඉටුකලා වු දැවැන්ත සිනමා සම්මාන උළෙලක්.ලංකා ඉතිහාසයේ සිනමා ශිල්පීන් පළමු වරට අගයනු ලැබුවේ මේ සම්මාන උළෙල මඟින්ය.එදා ඉතා කුඩාවට ආරම්භ කළා වු එම කටයුත්ත මේ වන විට ඉතා දැවැන්ත කටයුත්තක් වී හමාරයි.

ශ්‍රී ලංකා කතෝලික පර්ෂදයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මේ සම්මාන උළෙල මෙම දෙසැම්බර් 07 වනදා සවස කොළඹ චිත්‍රපට සංස්ථා සිනමාහලේදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සුදානම්ව අවසන්.මේ එම සිනමා සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය සඳහා වන නිර්දේශිත නාමයි

 

01.    නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය
1.    “ඉනියවන්” චිත්‍රපටයේ සුනිල් විජේරත්න
2.    “විජය කුවේණි” චිත්‍රපටයේ ධම්මික හේවදුවත්ත
3.    “කර්ම” චිත්‍රපටයේ සුනිල් විජේරත්න

02.    නිර්මාණශීලී ශබ්ද පරිපාලනය
1.    “මාතා” චිත්‍රපටයේ අරුණ ප්‍රියන්ත කළුආරච්චි
2.     “ඉනියවන්” චිත්‍රපටයේ අරුණ ප්‍රියන්ත කළුආරච්චි
3.    “කුසපබා” චිත්‍රපටයේ අරුණ ප්‍රියන්ත කළුආරච්චි

03.    නිර්මාණශීලී අංග රචනය
1.    “මාතා” චිත්‍රපටයේ වසන්ත විට්ටච්චි/උපුල් මහනාම
2.    “විජය කුවේණි” චිත්‍රපටයේ වසන්ත විට්ටච්චි
3.    “කලර්” චිත්‍රපටයේ ඉමල් ශානක පීරිස්

04.    නිර්මාණශීලී සංගීත අධ්‍යක්‍ෂණය

1.    “විජය කුවේණි” චිත්‍රපටයේ නදීක ගුරුගේ
2.    “මාතා” චිත්‍රපටයේ ලක්ෂ්මන් ජෝශප් ඩී. සේරම්
3.    “කුසපබා” චිත්‍රපටයේ ආචාර්ය රෝහණ වීරසිංහ

05.    නිර්මාණශීලී සංස්කරණය
1.    “කර්ම” චිත්‍රපටයේ රංගන සිංහාරගේ / භාතිය දුනුසිංහ/සුදේශ් කුමාරසිංහ
2.    “ඉනියවන්” චිත්‍රපටයේ අජිත් රාමනායක
3.    “සෙනසුරු මාරුව” චිත්‍රපටයේ ප්‍රවීන් ජයරත්න

06.    නිර්මාණශීලී ගීත රචනය
1.    “මවුස්” චිත්‍රපටයේ මල්පෙති පවා ගීතය ලියූ සුගත් සෝමවීර
2.    “කුසපබා” චිත්‍රපටයේ මධුචන්ද්‍රයාමේ ගීතය ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්න
3.    “වස්සානේ සෙනෙහස” චිත්‍රපටයේ ප්‍රේම කුසලානේ ගීතය ලියූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ

07.    නිර්මාණශීලී පසුබිම් ගායකයා

1.    “ප්‍රතිරූ” චිත්‍රපටයේ ප්‍රතිරූ ගීතය ගැයූ විශාරද අමරසිරි පීරිස්
2.     “මවුස්” චිත්‍රපටයේ මල්පෙති පවා ගීතය ගැයූ යසන්ත සමරවීර
3.    “කුසපබා” චිත්‍රපටයේ මධුචන්ද්‍රයාමේ ගීතය ගැයූ කසුන් කල්හාර ජයසේකර

08.    නිර්මාණශීලී පසුබිම් ගායිකාව

1.    “කුසපබා” චිත්‍රපටයේ ගීතය ගැයූ නිරෝෂා විරාජිනී
2.    “කලර්” චිත්‍රපටයේ වැහි බිංදුවේ ගීතය ගැයූ මීනා ප්‍රසාදනි
3.    “කුසපබා” චිත්‍රපටයේ ජලධාරාවෝ ගීතය ගැයූ උරේෂා රවිහාරි

09.    නිර්මාණශීලී පසුබිම් කැමරාකරණය

1.    “මාතා” චිත්‍රපටයේ ඩොනල් කරුණාරත්න / කේ. ඒ. ධර්මසේන / මිල්ටන් කෑම්
2.    “කර්ම” චිත්‍රපටයේ පාලිත පෙරේරා

3.    “ඉනියවන්” චිත්‍රපටයේ චන්න දේශප්‍රිය

10.    නිර්මාණශීලී තිර රචනය
1.    “ඉනියවන්” චිත්‍රපටයේ අශෝක හඳගම
2.    “විජය කුවේණි” චිත්‍රපටයේ සුගත් සමරකෝන්
3.    “සෙනසුරු මාරුව” චිත්‍රපටයේ උදයකාන්ත වර්ණසූරිය

11.    නිර්මාණශීලී සහය නළුවා

1.    “මවුස්” චිත්‍රපටයේ විජේපාලගේ චරිතය නිරූපණය කළ වසන්ත මොරගොඩ
2.    “සෙනසුරු මාරුව” චිත්‍රපටයේ මහීල්ගේ චරිතය නිරූපණය කළ ලකී ඩයස්
3.    “ඉනියවන්” චිත්‍රපටයේ රන් භාණ්ඩ අලෙවි සල්කරුගේ චරිතය නිරූපණය කළ රාජා ගනේෂන්

12.    නිර්මාණශීලී සහාය නිළිය

1.    “ඉනියවන්” චිත්‍රපටයේ පුනරුත්ථාපිත කොටි සෙබළාගේ බිරියගේ චරිතය නිරූපණය  කළ සුභාෂිණි බාලසුබ්‍රමනියම්
2.    “කුසපබා” චිත්‍රපටයේ කුදීගේ චරිතය නිරූපණය කළ චාන්දනී සෙනෙවිරත්න
3.    “විජය කුවේණි” චිත්‍රපටයේ සීසපටිකාගේ චරිතය නිරූපණය කළ වසන්ති රන්වල

13.    නිර්මාණශීලී රංග කුසලතා (පුරුෂ)
1.    “සෙනසුරු මාරුව” චිත්‍රපටයේ කිසල්ගේ චරිතය නිරූපණය කළ චන්න පෙරේරා
2.    “කලර්” චිත්‍රපටයේ චිත්‍ර ශිල්පියාගේ චරිතය නිරූපණය කළ කමල් අද්දරආරච්චි
3.    “කර්ම” චිත්‍රපටයේ පියල්ගේ චරිතය නිරූපණය කළ ජගත් මනුවර්ණ

14.    නිර්මාණශීලී රංග කුසලතා (වනිතා)

1.    “මාතා” චිත්‍රපටයේ පාර්වතීගේ චරිතය නිරූපණය කළ යශෝධා රාධාක්‍රිෂ්ණන්
2.    “විජය කුවේණි” චිත්‍රපටයේ කුවේණිගේ චරිතය නිරූපණය කළ දුලානි අනුරාධා
3.    “ඉනියවන්” චිත්‍රපටයේ ආරක්ෂකයාගේ බිරියගේ චරිතය නිරූපණය කළ නිරංජනී  සන්මුගරාජ්

15.    නිර්මාණශීලී අධ්‍යක්ෂණය

1.    “කර්ම” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න ජයකොඩි
2.    “විජය කුවේණි” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුගත් සමරකෝන්
3.    “සෙනසුරුමාරුව” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරිය
4.    “ඉනියවන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශෝක හඳගම

16.    වසරේ ප්‍රශස්ත සිනමා නිර්මාණය

1.    රන්ජිත් ජේජ්/මැජික් ලැන්ටන් පෞද්ගලික සමාගම සහ ස්කයි එන්ටර්ටේනර් එක්ව   නිෂ්පාදනය කළ “කර්ම”
2.    පාලිත සමරසිංහ සමඟින් හිරන්ති සමරසිංහ එක්ව නිෂ්පාදනය කළ “කලර්”
3.    ජගත් වැල්ලවත්ත සමඟ අනුර ප්‍රනාන්දු නිෂ්පාදනය කළ “ඉනියවන්”

Share

70 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.