සෝනක්ෂිගේ එකට වහවැටුණූ ආක්ෂේ…
ආක්ෂේ කුමාර්,මේ දිනවල රූ ගත කෙරෙන “තුප්පාක්කි“ නම් දමිළ චිත්‍රපටය අනුසාරයෙන් නිපදවෙන හින්දි චිත්‍රපටය නිසා හුඟාක් කාර්ය බහුල වෙලයි ඉන්නේ.වැඩරාජකාරී කොපමණ තිබුණත් අක්ෂේ තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන ඕනෑවටත් වඩා හිතන කෙනෙක්.ඒ හින්දම තමයි ඔහු තමන්ගේ දිවා ආහාර වේල තමන්ගේ ගෙදරින් පිළියෙල කර ගෙන්වා ගන්නේ.තමන්ට කෑමට කොපමණ රස භෝජන තිබුණත් අක්ෂේ මේ පුරුද්ද නම් අතඇරියේම නෑ. බිරිඳ ට්වින්කල් ඛන්නාත්, ආක්ෂේ කැමැති අකැමැති කෑම බීම දන්න නිසා,ඇය තම සැමියා කැමැති ආහාර රසට පිළියෙල කර දෙනවා.
ඒත් මේ ළගදී දවසක අක්ෂේගේ දිවා ආහාරය නිසි වේලාවට පැමිණියේ නෑ.කඩ කෑම කාලා පුරුද්දක් නැති ඔහුට වෙන මුකුත් කාලා බඩපුරවාගන්නත් හිත දෙන්නේම නෑ.බඩගින්න හින්දා සිහිවිකලෙන් වගේ හිටිය අක්ෂේගේ නෙත ගැටුනේ සෝනක්ෂිගේ දිවා ආහාරයයි.ඇයද ඔහු මෙන් ගෙදරින් තම කෑම වේල පිළියෙල කරගන්නා කෙනෙක්.ඒ කෑම වේල පිළියෙල කර දෙන්නේ ඇයගේ මවයි. මේ බව ආක්ෂේ හොඳින්ම දන්නවා. ඒ විතරක් නොවෙයි. ඒ කෑම හරිම රසවත් බවත් ආක්ෂේ දන්නවා.
ඉතින් මේ කෑම වේල තනියම කන එක හොදනැති හින්දා අක්ෂේ සෝනක්ෂි එක්කම ඒ කෑම වේල බෙදාගෙන කන්න ඹ්න හින්දම ඇය ළගට ගොස් ඇයගෙන් අද දවල් කන්නේ මොනවාදැයි විමසා තිබෙනවා.ඇය තමන් ගෙනා කෑම වේල ගැන විස්තර කිරිමෙන් අනතුරුව අක්ෂේටත් ඇරයුම් කරලා තියෙනවා තමන් සමඟ කන්න එන්න කියලා.සෝනක්ෂිගේ මුවින් මේ වචනය එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටි අක්ෂේ සෝනක්ෂි සමග දිවා ආහාරය අරගෙන තියෙන්නේ කිසිදු අමුත්තක් නොපෙන්වමයි.
Written by Cinema.lk A