ස්පන්දන (Spandana) රූපගත කිරීම් අතරතුර [Video]

Avatar Cinema.lk | April 18, 2013 272 Views 0 Likes 0 Ratings

272 Views 0 Ratings Rate it

සිංහාවලෝකනය චිත්‍රපටයෙන් සිනමා ජිවිතයට අත්පොත් තැබු සුනෙත් මාලිංග ලොකුහේවා තමන්ගේ නිර්මාණ ජිවිතයේ දිගු ගමනක් යාමට සැරසෙන දක්ෂ යොවුන් අධ්‍යක්ෂකවරයෙක්.සිනමාවට තදින්ම ආදරය කරන සුනෙත් තමන්ගේ දෙවැනි  චිත්‍රපටය තිරගත වීමට මත්තෙන් තෙවන නිර්මාණයේ ද වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.තාරුණ්‍යය ඉලක්ක කරගනිමින් තැණෙන සුනෙත්ගේ මේ චිත්‍රපටයට නම් තබා ඇත්තේ ස්පන්දන යනුවෙනි.

මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, ශලනි තාරකා, බුවනි චාපා, තිසුරි යුවනිකා, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත්, නිල්මිණි කෝට්ටෙගොඩ රංගනයේ යෙදෙන ස්පන්දන ජගත් එන්. යාපාගේ නිෂ්පාදනයකි.

සහාය නිෂ්පාදනය මෙන්ම කැමරාකරණය ප්‍රභාත් රෝෂන්ගෙනි. අධ්‍යක්ෂණයට අමතරව පිටපත් රචනය සහ විධායක නිෂ්පාදනය ද සුනෙත් මාලිංග විසින් සිදු කරයි. ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය. අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයකි.

උහාන් ඕවිට අංග රචනයෙන් එක්වන මෙහි පසුබිම් සංගීතය උදය ශ්‍රී වික්‍රමසිංහ නිම කරයි. නන්දන වික්‍රමගේගේ ගීත රචනයකි. නර්ථන අධ්‍යක්ෂණයෙන් ගයාන් ශ්‍රීමාල් ද නිෂ්පාදන කළමනාකරණයෙන් තාරක අධිකාරි ද දායක වෙති. මාධ්‍ය සම්බන්ධිකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි.


Song Promo

Spandhana Sinhala Movie (14) [Original Resolution] Spandhana Sinhala Movie (15) [Original Resolution] Spandhana Sinhala Movie (16) [Original Resolution] Spandhana Sinhala Movie (17) [Original Resolution] Spandhana Sinhala Movie (18) [Original Resolution] Spandhana Sinhala Movie (19) [Original Resolution]
Spandhana Sinhala Movie (1) [Original Resolution] Spandhana Sinhala Movie (2) [Original Resolution] Spandhana Sinhala Movie (3) [Original Resolution] Spandhana Sinhala Movie (4) [Original Resolution] Spandhana Sinhala Movie (5) [Original Resolution] Spandhana Sinhala Movie (6) [Original Resolution] Spandhana Sinhala Movie (7) [Original Resolution] Spandhana Sinhala Movie (8) [Original Resolution] Spandhana Sinhala Movie (9) [Original Resolution] Spandhana Sinhala Movie (10) [Original Resolution] Spandhana Sinhala Movie (11) [Original Resolution] Spandhana Sinhala Movie (12) [Original Resolution] Spandhana Sinhala Movie (13) [Original Resolution]

Share

272 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.