ඔයාලගේ උපන් දිනයත් ශාරුක් එක්ක සමරන්න කැමතිද?

Avatar Cinema.lk A | June 29, 2013 74 Views 0 Likes 0 Ratings

74 Views 0 Ratings Rate it

රාත්‍රී අහසේ දිලෙන තාරකාවන්ට අමතරව මෙ පොළෝ තලයේ දිලෙන තරු රැසක් සිටිනවා.නළු නිළියන්,ක්‍රීඩකයින්,ධනවත් පුද්ගලයන්…මෙන්න මේ වගේ අය තමයි මහ පොළවේ ඉන්න තරු.සාමාන්‍යයයෙන් අපි හැමෝම තරු වලට ආදරේ.ඒ ආදරේ නිසාම අපි ආසයි ඔවුන්ව ළඟින් දැක බලා ගන්න,ඔවුන් සමඟ සමරු ඡායාරුවකට පෙනී සිටින්න,කතා බහ කරන්න.ඒත් ඒක එච්චර ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි.විශේෂයෙන් නළුවෙක් හෝ නිළියක්…මෙන්න මෙහෙම පුංචිම පුංචි ආසවකින් හුඟ කාලයක් බලා සිටි අපේ රටේ එක අම්මා කෙනෙක් මේ ළඟදී තමන්ගේ ආශාව සපුරා ගත්තා.වයස අවුරුදු හැත්තැවක් වන මැයට තිබුණේ බොලිවුඩයේ සුපිරු තාරකාවක් සියසින් දැක බලා ගැනීමේ සිහිනයකි.මේ සුපිරු තරුව වෙන කවුරුවත් නෙවෙයි.බොලිවුඩයේ රජු ශාරුක් කාන්….

ඇගේ නම ශිරාණී සමරසේකරයි. ඇය ෂාරුක්ට කෙතරම් පෙම් බඳීනවා ද කිවහොත් හැත්තෑ වැනි උපන් දිනය සැමරීම සඳහාම සිය හද දිනූ සුපිරි තරුව ෂාරුක් ඛාන් හමුවීමට මූම්බායි බලා ගියාය.ෂාරුක්ගේ නිවෙස අසලම හෝටලයක ඇය නතර වූවාය. අසල් රටේ රසිකාවක් මෙලෙසින් පැමිණීම ෂාරුක්ගේ සතුටට හේතු වුණත් වයෝවෘද්ධ මාතාවක් තමන් වෙනුවෙන් මෙතරම් වෙහෙස වීම ගැන ඔහු කනගාටුවට පත් වී තිබේ.

ඇය හමු වූ ෂාරුක් පැයකට වැඩි කාලයක් කෝපි බොමින් සුහද කතාබහක යෙදුණේ ශිරාණිට සදා අමරණීය උපන් දින සැමරුමක් ලබා දෙමිනි.

මේ ශිරාණිගේ පුතු ඇයට දුන් උපන් දින තිළිණයයි. පසුගිය පහළොස් වසර පුරාම ශිරාණි ෂාරුක් රසිකාවකි. ඔහුගේ සිතුවම් පට කිහිපවරක් බලමින්, ගෙයි බිත්ති, නිදන කාමරයේ බිත්ති ඔහුගේ ඡායාරූපවලින් පුරවමින් ශිරාණි සිය ෂාරුක් ආදර ලෝකය ගොඩ නඟා ගන්නීය. මේ නිසා තම මවට දිය යුතු හොඳම තෑග්ග ෂාරුක්ව මුණ ගැසීමට සැලැස්වීම බව පුතු සිතා ගත්තේය. ශිරාණිගේ මූම්බායි ගමන එහි ප්‍රතිඵලයයි.

ෂාරුක් හමුවට යන විට පවුලේ ඡායාරූප ඇල්බමයත්, තමන්ගේ විවිධ වයස් දැක්වෙන ඡයාරූප ඇල්බමයත් ගෙන යාමට අමතක නොකළාය. ඇය සිය ඡායාරූප මත සුපිරි නළුවාට කියා අත්සන් තබාගෙන තිබේ. ශිරාණි සමඟ ‘චෙනායි එක්ස්ප්‍රස්’ ගැන කතා කිරීමට ද ෂාරුක් අමතක නොකළේය.

Share

74 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.