ස්පිල්බර්ග් ගාල්ලට
ස්ටිවීන් ස්පිල්බර්ග් කියන්නේ මිහිමත සිටින සිටින වඩාත් නිර්මාණශීලී හා ධනවත්ම සිනමා අධ්‍යක්ෂකවරයායි.ඔහු නිර්මාණය කරන සියලු චිත්‍රපට ආදයම් වාර්තා පිහිටුවමින්,සම්මාන පිට සම්මාන ලබමින් හොලිවුඩය බබළවන්නේ ඉහත කරුණ නැවත වතාවක් සනාථ කරමිනි.
ජුරාසික් පාක් චිත්‍රපට ත්‍රිත්වය,ජෝ,ඊටි හරහා මායා ලොවක් දළ සේයා පටලය තුළ මැවීමට සමත් වු මේ නිර්මාණ කරුවා මේ නිර්මාණයන් හරහා ලොවක් මවිතයට පත් කළේය.දෘශ්‍ය ප්‍රයෝග සහිත සිනමා නිර්මාන මෙන්ම ඉතා උසස් කලාත්ම චිත්‍රපට රැසක්ම ලොවට දයාද කළ මේ මහා සිනමා ගාන්ධර්වයා මේ දිනවල ලෝක සංචාරයක නිරත වන බවට අපට ආරංචි වුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන විදියට ඔහුගේ මේ සංචාරය අතරතුරේ ස්පිල්බර්ග් ලංකාවටද පැමිණීමට නියමිතව තිබෙනවා.තමන්ගේ පෞද්ගලික යනාවකින් මේ සංචාරයේ යෙදෙන ස්පිල්බර්ග් පැමිණීමට නියමිතව ඇත්තේ ගාලු වරායටයි.මෙරට පැමිණිමට පෙර මාධ්‍ය වෙත අදහස් දැක්වු ඔහු ශ්‍රී ලංකාවට තමන් තුළ උපන් දැඩි ඇල්ම ගැන මනාවට පැහැදිලි කර තිබුණා.මෙරටදී රූ ගත කෙරුණු ඉන්දියානා ජෝන්ස් චිත්‍රපටය රූ ගත කිරීම් කරන සමයේදී පටන් තමන් මේ පුංචි දිවයිනට හුඟාක් ඇල්මක් දක්වා ඇති බවටයි දැන ගන්නට ලැබුණේ.මේ සාකච්ඡාව අතරතුරේ දී මෙරට විසු සුප්‍රසිද්ධ නළුවෙකු වු ඩී. ආර්. නානායක්කාරගේ රංගනය පිළිබඳව ද ඔහු විශේෂයෙන් මතක් කර තිබුණා.
Written by Cinema.lk A